පෞද්ගලික අංශයේ සේවකයන්ටත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හෙවත් සීසන් ටිකට් පත් ඔන්ලයින් ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. මීට පෙර රජයේ සේවකයන් වෙනුවෙන් පමණක් හඳුන්වා දුන් මෙම පහසුකම, ඉදිරියේදී පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ටත් ලබාදීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දශක ගණනාවක් තිස්සේ පැවති පැරණි ක්‍රමය වෙනස් කරමින්, සේවා ස්ථානවලින් ලිපි ලබාගෙන පෝලිම්වල රස්තියාදු නොවී ඉතා පහසුවෙන් මෙම සේවාව ලබාගැනීමට මගීන්ට අවස්ථාව ලැබෙනවා.
දුම්රිය සේවයේ පවතින අඩුපාඩු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, දුම්රිය ගමන් වාර වැඩි කිරීම, වේලාවට දුම්රිය ධාවනය කිරීම සහ මගී පහසුකම් දියුණු කිරීම වැනි දේවල් සඳහා තවමත් කාලයක් ගතවන බවයි. පසුගිය කාලයේ නිසි ලෙස දුම්රිය එන්ජින් මිලදී නොගැනීම සහ මාර්ග පද්ධතියේ දියුණුවක් සිදු නොකිරීම නිසා මෙම ගැටලු මතුව ඇති බවත්, ඒවා එකවර විසඳිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින කළමනාකරණ ගැටලු විසඳමින්, දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්, ඉදිරියේදී නවීකරණය කළ දුම්රිය ස්ථාන කිහිපයක් ජනතා අයිතියට පත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback