2026 වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ජූලි 3 වැනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ සඳහා අයදුම්පත් භාරගැනීම ජූලි 23 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එම කාලසීමාව දීර්ඝ නොකරන බවත් ඔවුන් අවධාරණය කරනවා. ඒ නිසා නියමිත දිනට පෙර ඔබේ අයදුම්පත නිවැරදිව යොමු කිරීමට වග බලා ගන්න.
පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරුන් හරහා අදාළ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට (Online) යොමු කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට තමන් විසින්ම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන http://www.doenets.lk හෝ http://www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම් කිරීමට පුළුවන්. පෞද්ගලික අයදුම්කරුවන් අයදුම් කිරීමේදී තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු අතර, හැඳුනුම්පතක් නොමැති අයෙකුට තම දෙමාපියන්ගේ හෝ භාරකරුගේ හැඳුනුම්පත් අංකය භාවිතා කර ලියාපදිංචි වෙන්න අවස්ථාව තියෙනවා.
අයදුම්පත් යොමු කිරීමේදී උපදෙස් මාලාව හොඳින් කියවා නිවැරදිව තොරතුරු ඇතුළත් කිරීමට වග බලා ගන්න. පාසල් සිසුන්ට විදුහල්පතිවරුන් ලබාදෙන පරිශීලක නාම සහ මුරපද භාවිතයෙන් අයදුම් කළ හැකි අතර, සම්පූර්ණ කළ අයදුම්පතේ මුද්‍රිත පිටපතක් තමන් සතුව තබා ගැනීම අනිවාර්ය වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් තිබේ නම් 0112 784 208, 0112 784 537 හෝ 0112 785 922 යන දුරකථන අංක ඔස්සේ හෝ [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්.

Discussion & Feedback