ලෝකයම බලාගෙන ඉන්න මීළඟ ජේම්ස් බොන්ඩ් කවුද කියන එක ගැන දැන් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. කැලම් ටර්නර්, හැරිස් ඩිකින්සන් වගේ ජනප්රිය නළුවන්ගේ නම් බොන්ඩ් චරිතය සඳහා නිතරම කියවුණත්, වසර 40ක් තිස්සේ බොන්ඩ් චිත්රපට සඳහා නළු නිළියන් තෝරාගැනීමේ කටයුතු කළ ඩෙබී මැක්විලියම්ස් කියන්නේ මේ කිසිවෙක් ඒ චරිතයට හරියටම ගැළපෙන්නේ නැති බවයි. ඇය පවසන විදිහට අලුත් බොන්ඩ් කෙනෙක් කියන්නේ ප්රේක්ෂකයන්ට හිතාගන්නවත් බැරි, කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු අලුත්ම මුහුණක් වෙන්න ඕනේ.
ඩෙබීට අනුව බොන්ඩ් කියන්නේ අභිරහස් චරිතයක්. ඔහුගේ පෞද්ගලික ජීවිතය, පවුලේ අය හෝ ඔහු සාප්පු යන්නේ කොහේද කියන දේවල් ගැන ප්රේක්ෂකයන් දැනගන්න අවශ්ය නැහැ. බොන්ඩ් කියන්නේ මිනීමැරීමට බලපත්රයක් තියෙන ඔත්තුකාරයෙක් නිසා, ඔහුට ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් කියන විශ්වාසය ප්රේක්ෂකයන් තුළ ඇති කිරීම තමයි වැදගත්ම දේ. මේ නිසාම දැන් බොන්ඩ් චරිතය තෝරන කණ්ඩායම ප්රසිද්ධ නළුවන් දෙසට වඩා ලන්ඩන් නගරයේ වේදිකා නාට්යවල දක්ෂතා දක්වන නළුවන් දෙසට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
දැනට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව, ඩේවිඩ් ෂීල්ඩ්ස් සහ ලූක් තොම්සන් වැනි වේදිකා නාට්යවල දක්ෂතා පෙන්වන නළුවන් ගැන නිෂ්පාදකවරුන්ගේ අවධානය යොමුවෙලා තියෙනවා. කොහොම වුණත්, ඩෙනිස් විල්නෙව් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම මේ ගිම්හානය අවසානයේදී මීළඟ ජේම්ස් බොන්ඩ් කවුද කියලා තීරණය කරාවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. අලුත් බොන්ඩ් කවුද කියන එක දැනගන්න නම් තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙයි.

Discussion & Feedback