ෂර්ලොක් හෝම්ස් කියන්නේ ලෝකයේම ජනප්රිය චරිතයක්නේ. පසුගිය කාලයේ විවිධ ආකාරයෙන් මේ චරිතය නිර්මාණය වුණත්, ප්රේක්ෂකයන්ගේ වැඩිම අවධානයක් දිනාගත්ත ‘Young Sherlock’ කතා මාලාව දෙවන වරටත් අප අතරට එන්න සූදානම් වෙනවා. ප්රයිම් වීඩියෝ ඔස්සේ විකාශය වුණු මේ කතා මාලාව කෙටි කලකින් මිලියන 45කට අධික ප්රේක්ෂක පිරිසක් නරඹා තිබීම විශේෂත්වයක්. ගයි රිචීගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මේ කතා මාලාවේ, ෂර්ලොක් හෝම්ස් තවමත් තරුණ, අත්දැකීම් අඩු චරිතයක් විදිහට අපිට දකින්න ලැබෙනවා. ඔහු ලොව දක්ෂතම රහස් පරීක්ෂකයා වෙන්න කලින් ගත කරන ජීවිතය සහ ඔහුගේ පවුලේ අය සමඟ තියෙන බැඳීම මෙහි ලස්සනට නිරූපණය වෙනවා.
බීබීසී නාලිකාවේ ‘ෂර්ලොක්’ හෝ ‘එලිමෙන්ටරි’ වගේ කතා මාලා නැවත එනවාද කියලා බොහෝ දෙනෙක් බලාගෙන හිටියත්, ඒ ගැන තවමත් නිශ්චිත තොරතුරක් නැහැ. ඒ නිසා ‘Young Sherlock’ දෙවන සමය ගැන ලැබුණු මේ ආරංචිය රසිකයන්ට ලොකු සතුටක්. පළමු කතා මාලාවට ලැබුණු ඉහළ ප්රේක්ෂක ප්රතිචාර සහ විචාරක පැසසුම් නිසාම, දෙවන සමයත් ඉතාම උද්යෝගිමත් එකක් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගයි රිචී විසින්ම පළමු කොටස අධ්යක්ෂණය කරන නිසා, මේ කතාවේ තියෙන අභිරහස් සහ වේගවත් බව තවත් වැඩි වේවි. ඉතින්, ෂර්ලොක් හෝම්ස්ගේ රසිකයෙක් නම් ඔයාට මේ අලුත්ම කතා මාලාව මගහැරගන්න නම් බැරි වේවි.

Discussion & Feedback