මහර බන්ධනාගාරයේ පසුගිය සෙනසුරාදා ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය නිසා රැඳවියෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සිද්ධිය පටන් අරන් තියෙන්නේ බන්ධනාගාරයේ ඉන්න තමන්ගේ නෑදෑයන් ගැන හොයලා බලන්න පිරිසක් එතැනට එකතු වුණාට පස්සේ. ඒ වෙලාවේ බන්ධනාගාරය ඇතුළේ ඉඳන් රැඳවියන් පිරිසක් ගල් මුල් ප්රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාරය ඇතුළේ ඉදිවෙමින් තිබුණු තාවකාලික ගොඩනැගිල්ලක් කඩාගෙන පැනලා යන්නත් ඔවුන් උත්සාහ කරලා තියෙනවා.
මේ තත්ත්වය පාලනය කරන්න බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක් සිදු කරලා තියෙනවා. මේ ගැටුම අතරතුර බන්ධනාගාර ගොඩනැගිල්ලකටත් ගිනි තියලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. තුවාල වුණු රැඳවියන්ව රාගම රෝහලට ඇතුළත් කළාට පස්සේ තමයි එක් අයෙක් මියගිහින් තියෙන්නේ. මේ වෙද්දී මහර බන්ධනාගාරය අවට ආරක්ෂාව ගොඩක් වැඩි කරලා තියෙනවා. පොලිසිය, විශේෂ කාර්ය බලකාය වගේම යුද හමුදාව සහ නාවික හමුදාවත් යොදවලා තත්ත්වය පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා.
මේ සිද්ධිය නිසා තමන්ගේ නෑදෑයන් ගැන හොයලා බලන්න රැඳවියන්ගේ පවුල්වල අය බන්ධනාගාරය ඉස්සරහට සහ රාගම රෝහලට විශාල වශයෙන් එකතු වෙලා ඉන්නවා. මොකද වුණේ කියන එක ගැන බලධාරීන් තාම නිල වශයෙන් කිසිම දෙයක් කියලා නැහැ. කොහොම වුණත්, මේ සිද්ධියෙන් පස්සේ ප්රදේශයේ තත්ත්වය තවමත් උණුසුම් ස්වභාවයක් ගන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.

Discussion & Feedback