ඇමරිකාවේ වොෂින්ටන් නුවර ආසන්නයේ මෑතකදී සිදුවූ විදුලි රැහැනක් බිඳ වැටීමක් නිසා එරට විදුලිබල පද්ධතියේ විශාල ගැටලුවක් මතු වුණා. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමකදී තත්පර කිහිපයකින් විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් වුණත්, මෙවර එයට විනාඩි 11කට වඩා වැඩි කාලයක් ගත වුණා. ඒකට හේතුව වුණේ එම ප්‍රදේශයේ තිබෙන දැවැන්ත ඩේටා සෙන්ටර් (Data Centers) විශාල ප්‍රමාණයක් එකවර විදුලි පද්ධතියෙන් විසන්ධි වී බැකප් පද්ධති වෙත මාරු වීමයි. මේ නිසා විදුලි වෝල්ටීයතාවයේ හදිසි වෙනස්කම් ඇති වී ප්‍රදේශයේ විදුලි බුබුළු පවා දැල්වී නිවී යන තත්ත්වයක් ඇති වුණා.
ලෝකයේ වැඩිම ඩේටා සෙන්ටර් ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ වර්ජිනියා ප්‍රාන්තයේ. මේ ඩේටා සෙන්ටර් සියල්ලම පාහේ එකම ආකාරයකින් ක්‍රියාත්මක වන නිසා, සුළු විදුලි බිඳ වැටීමකදී පවා ඒවා එකවර පද්ධතියෙන් ඉවත් වීමෙන් විදුලි ජාලයේ සමතුලිතතාවය බිඳ වැටෙනවා. විශේෂඥයන් පවසන පරිදි, අනාගතයේදී මෙවැනි සිදුවීම් තවත් බහුල විය හැකියි. මේ ගැටලුව විසඳීමට නම් ඩේටා සෙන්ටර්වලට මෙවැනි හදිසි තත්ත්වයන් දරාගත හැකි නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දිය යුතුයි. විශේෂයෙන්ම බැටරි පද්ධති භාවිතයෙන් විදුලි ජාලයට බාධාවක් නොවන ලෙස ඩේටා සෙන්ටර් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවයි තාක්ෂණික අංශ පෙන්වා දෙන්නේ. එසේ නොවුණහොත් අනාගතයේදී විශාල විදුලි බිඳ වැටීම් පවා සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

Discussion & Feedback