රුසියාවේ පවතින යුද විරෝධී හඬවල් මර්දනය කිරීමේ වැඩපිළිවෙල තවත් දැඩි වෙමින් පවතින බව අපට දකින්න ලැබෙනවා. මේ වන විට ප්‍රසිද්ධ බ්ලොග්කරුවෙකු වන ඉල්යා රෙමෙස්ලෝව රුසියානු හමුදාව ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා කියන චෝදනාව යටතේ මාස දෙකක කාලයකට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. ඔහු මීට පෙර පුටින්ගේ දැඩි ආධාරකරුවෙක් වුණත්, පසුව යුද්ධයට විරුද්ධව හඬ නගමින් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා. මේ වන විට රුසියාවේ ආර්ථික අර්බුද සහ ඉන්ධන හිඟය නිසා පුටින්ගේ ජනප්‍රියත්වයත් පෙරට වඩා පහළ ගොස් ඇති බව මත විමසුම්වලින් පවා පෙනී යනවා.
ඒ වගේම, තවත් ප්‍රබල දේශපාලනඥයෙකු වන බොරිස් නඩෙෂ්ඩින්ටත් රුසියානු බලධාරීන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. ඔහුට එරෙහිව අන්තවාදී සංකේත ප්‍රදර්ශනය කළා කියන චෝදනාව ගොනු කර ඇති අතර, ඒ නිසාම ඔහුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාවත් අහිමි වී තිබෙනවා. සෞඛ්‍ය ගැටලු රැසකින් පෙළෙන නඩෙෂ්ඩින් අධිකරණයේදී පවසා සිටියේ මේ සියල්ල තමන්ව නිහඬ කිරීමට කරන කුමන්ත්‍රණයක් බවයි. රුසියාවේ සැබෑ විපක්ෂ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් මේ වන විට රට හැර ගොස් හෝ සිරගත වී සිටින පසුබිමක, මෙවැනි ක්‍රියාමාර්ග මගින් රුසියානු පාලනය තමන්ට එරෙහි ඕනෑම හඬක් මර්දනය කිරීමට උත්සාහ කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා.

Discussion & Feedback