අභ්යවකාශ විද්යාඥයන් මේ දිනවල ඉතාමත් උනන්දුවෙන් බලාගෙන ඉන්න අපූරු සිදුවීමක් ගැන අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. ඒ තමයි ‘ඇපොෆිස්’ (Apophis) නමින් හැඳින්වෙන දැවැන්ත ග්රහකය 2029 අප්රේල් 13 වැනිදා පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කිරීම. මේ ග්රහකය පෘථිවියට කිසිදු අනතුරක් සිදු නොකරන බව විද්යාඥයන් සහතික කරලා තියෙනවා. ලෝක ජනගහනයෙන් 90%කටම, ඒ කියන්නේ බිලියන 7.6කටම මේ දුර්ලභ දසුන කිසිදු උපකරණයකින් තොරව නිරුවත් ඇසින් දැකගන්න අවස්ථාව ලැබෙනවා. මෙය අභ්යවකාශ ඉතිහාසයේ මෙවැනි ග්රහකයක් මෙතරම් පැහැදිලිව දැකගන්න ලැබෙන පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.
මෙම ග්රහකය අහසේ ගමන් කරන්නේ ඉතාමත් සෙමින්, හරියට චන්ද්රිකාවක් වගේ. පැය හතක කාලයක් පුරා ඕස්ට්රේලියාවේ සිට උතුරු අත්ලාන්තික් සාගරය දක්වා ප්රදේශවලට මෙය දර්ශනය වෙනවා. විශේෂයෙන්ම අප්රිකාව, ආසියාව සහ යුරෝපයේ බොහෝ රටවලට මේ දසුන ඉතා හොඳින් දැකගන්න පුළුවන්. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා මේ ග්රහකයේ හැඩයේ යම් වෙනස්කම් සිදුවේද යන්න ගැනත් විද්යාඥයන් දැඩි අවධානයෙන් ඉන්නවා. 2004 වසරේදී මෙය සොයාගත්තාට පස්සේ, වසර ගණනාවක් තිස්සේ කරපු පර්යේෂණවලින් පෘථිවියට කිසිම තර්ජනයක් නැති බව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මේක ඇත්තටම අපේ පරම්පරාවට දකින්න ලැබෙන ඉතාමත් දුර්ලභ සහ ආකර්ෂණීය අභ්යවකාශ අත්දැකීමක් වේවි.

Discussion & Feedback