අපේ පෘථිවියට ඉතාම ආසන්නයෙන් ගමන් කරන ‘ඇපොෆිස්’ (Apophis) නමැති දැවැන්ත ග්රහකයක් ගැන මේ දිනවල ලෝකය පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. විද්යාඥයන් පවසන විදිහට 2029 අප්රේල් 13 වැනිදා මේ ග්රහකය පෘථිවියට ඉතාම ආසන්නයෙන් ගමන් කරනවා. මේක ඇත්තටම වසර දහසකට වරක් සිදුවන දුර්ලභ අත්දැකීමක්. ලෝක ජනගහනයෙන් 90%කටම, ඒ කියන්නේ බිලියන 7.6කටම කිසිදු උපකරණයක උදව්වක් නැතුව නිරුවත් ඇසින් මේ ග්රහකය අහසේ ගමන් කරන අයුරු බලාගන්න පුළුවන් වෙනවා. මේක අහසේ ගිනි බෝලයක් වගේ වේගයෙන් යන එකක් නෙවෙයි, හෙමින් ගමන් කරන තරු එළියක් වගේ තමයි අපිට පේන්නේ.
බොහෝ දෙනෙක් බිය වුණත්, නාසා ආයතනය සහ විද්යාඥයන් ස්ථිරවම කියන්නේ මේ ග්රහකය පෘථිවියට කිසිම අනතුරක් කරන්නේ නැති බවයි. ඇත්තටම මේක විද්යාඥයන්ට ලැබෙන හොඳ අවස්ථාවක්. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා මේ ග්රහකයේ සිදුවන වෙනස්කම් අධ්යයනය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. සමහරවිට මේ ග්රහකයේ මතුපිට නායයෑම් වගේ දේවල් සිදුවෙන්නත් පුළුවන්. කොහොම වුණත්, මේක මිනිස් ඉතිහාසයේ අපි අත්දකින ඉතාම සුවිශේෂී අභ්යවකාශ සංසිද්ධියක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා 2029 වසරේ අප්රේල් මාසයේදී අහස දෙස බලා ඉන්න අපිට ලොකු අවස්ථාවක් ලැබෙනවා.

Discussion & Feedback