අද වගේ දවසක, ඒ කියන්නේ 1977 සැප්තැම්බර් 5 වැනිදා තමයි නාසා ආයතනය විසින් වොයේජර් 1 අභ්යවකාශ යානය අභ්යවකාශයට යැව්වේ. ඇත්තටම මේක අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ හරිම සුවිශේෂී සිදුවීමක්. මුලින්ම බ්රහස්පති සහ සෙනසුරු ග්රහලෝක ගැන අධ්යයනය කරන්න පටන් ගත්ත මේ යානය, පස්සේ අපේ සෞරග්රහ මණ්ඩලයෙන් පිටතටම ගමන් කළා. 2012 වසරේදී සෞරග්රහ මණ්ඩලයේ සීමාව පහු කරලා අන්තර් තාරකා අවකාශයට ඇතුළු වුණු පළමු මිනිස් නිර්මාණය විදිහට වොයේජර් 1 ඉතිහාසයට එකතු වුණා.
දැන් මේ යානය පෘථිවියේ ඉඳන් බිලියන ගාණක් දුරින් තියෙන අභ්යවකාශයේ තනිවම ගමන් කරනවා. අවුරුදු 49ක් ගත වුණත්, තාමත් මේ යානයෙන් ලැබෙන දත්ත නාසා විද්යාඥයන්ට හරිම වටිනවා. යානයේ තියෙන බැටරි බලය ක්රමයෙන් අඩු වෙමින් පවතින නිසා, නාසා ආයතනය මේ දවස්වල යානයේ තියෙන අනවශ්ය උපකරණ එකින් එක අක්රිය කරමින් බලශක්තිය ඉතිරි කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම, කවදාහරි පිටසක්වල ජීවියෙක්ට මේ යානය හම්බ වුණොත් පෘථිවිය ගැන දැනගන්න පුළුවන් වෙන්න, පෘථිවියේ ශබ්ද සහ දර්ශන ඇතුළත් රන් තැටියකුත් මේකේ තියෙනවා.
තව අවුරුදු 40,000කින් විතර මේ යානය වෙනත් තරු පද්ධතියක් අසලින් ගමන් කරාවි කියලා විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම වොයේජර් 1 කියන්නේ මිනිස් වර්ගයාගේ තාක්ෂණික දක්ෂතාවය ලෝකයටම පෙන්නපු, අභ්යවකාශයේ තවමත් ක්රියාත්මක වන නාසා ආයතනයේ දීර්ඝතම මෙහෙයුමයි. මේ වගේ අභ්යවකාශයේ සිදුවන අපූරු දේවල් ගැන දැනගන්න කැමති නම් දිගටම අපේ පුවත් එක්ක එකතු වෙන්න.

Discussion & Feedback