අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී සිදුවීමක් විදිහට 2016 සැප්තැම්බර් 2 වැනිදා සටහන් වුණා. යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය විසින් 2014 වසරේදී 67P නම් ධූමකේතුව මතට ගොඩබස්වනු ලැබූ ‘ෆිලේ’ (Philae) නම් කුඩා යානය අතුරුදහන් වී වසර දෙකකට පසුව සොයා ගැනීමට රොසෙටා යානය සමත් වුණා. රෙදි සෝදන යන්ත්රයක ප්රමාණයෙන් යුත් මෙම යානය ධූමකේතුව මතට ගොඩබසින අවස්ථාවේදී එහි තිබූ නැංගුරම් ක්රියාත්මක නොවීම නිසා එය කිහිප වතාවක්ම පතිත වී අවසානයේ හිරු එළිය නොලැබෙන අඳුරු ගල් කුහරයක සිරවී තිබුණා. මේ නිසා එහි බැටරි ඉක්මනින්ම අවසන් වී යානය අක්රිය වුණා.
කෙසේ වෙතත්, රොසෙටා යානය දිගින් දිගටම ධූමකේතුව වටා ගමන් කරමින් ඡායාරූප 80,000කට අධික ප්රමාණයක් ලබා ගත්තා. අවසානයේදී, රොසෙටා සිය මෙහෙයුම අවසන් කිරීමට සති කිහිපයකට පෙර, අඳුරු ගල් කුහරයක පැත්තකට වී වැටී තිබූ ෆිලේ යානය සොයා ගැනීමට හැකි වුණා. ෆිලේ යානයට වැඩි කාලයක් ක්රියාත්මක වීමට නොහැකි වුණත්, එය ධූමකේතුව මත තිබූ කාබනික ද්රව්ය සොයා ගැනීමට සමත් වීම විද්යාඥයන් ලැබූ විශාල ජයග්රහණයක්. මේ සොයාගැනීමත් සමඟම රොසෙටා මෙහෙයුම ඉතා සාර්ථකව අවසන් කිරීමට විද්යාඥයන්ට හැකි වුණා.

Discussion & Feedback