අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 1992 වසරේ සැප්තැම්බර් 12 වැනිදා නාසා ආයතනයේ ගගනගාමිනියක වූ මේ ජෙමිසන් අභ්යවකාශයට ගිය පළමු කළු ජාතික කාන්තාව ලෙස ඉතිහාසයට එක් වුණා. ඇය ඉංජිනේරුවරියක් සහ වෛද්යවරියක් ලෙස කටයුතු කරමින් සිටියදී තමයි නාසා ආයතනයට සම්බන්ධ වුණේ. ඇමරිකාවේ ඇලබාමා ප්රාන්තයේ උපන් ඇය, කුඩා කාලයේ සිටම අභ්යවකාශය ගැන ලොකු ආසාවකින් හිටපු කෙනෙක්. විශේෂයෙන්ම ‘ස්ටාර් ට්රෙක්’ ටෙලි කතා මාලාවේ සිටි කළු ජාතික කාන්තා චරිතයකින් ඇය ලොකු ආභාෂයක් ලබා තිබුණා.
එන්ඩෙවර් අභ්යවකාශ යානයෙන් සිදු කළ STS-47 මෙහෙයුමට එක්වෙමින් ඇය දින අටක් අභ්යවකාශයේ ගත කළා. එහිදී ඇය පැය 190කට අධික කාලයක් අභ්යවකාශයේ රැඳී සිටිමින් ජපානය සහ ඇමරිකාව වෙනුවෙන් පර්යේෂණ 44ක් සාර්ථකව සිදු කළා. 1993 වසරේදී නාසා ආයතනයෙන් සමුගත් ඇය, පසුව තමන්ගේම තාක්ෂණික උපදේශන ආයතනයක් ආරම්භ කළා. අදටත් ඇය අභ්යවකාශ විද්යාව දියුණු කිරීමට සහ තරු අතර ගමන් කිරීමේ ව්යාපෘතිවලට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඇයගේ මේ සුවිශේෂී ගමන අදටත් ලොව පුරා සිටින බොහෝ දෙනෙකුට විශාල ආදර්ශයක් සහ දිරියක් වෙලා තියෙනවා.

Discussion & Feedback