අද වගේ දවසක, ඒ කියන්නේ 2011 අගෝස්තු 5 වැනිදා තමයි නාසා ආයතනය විසින් සෞරග්රහ මණ්ඩලයේ ලොකුම ග්රහයා වන බ්රහස්පති ගැන අධ්යයනය කරන්න ‘ජූනෝ’ (Juno) අභ්යවකාශ යානය අභ්යවකාශයට යැව්වේ. ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් සිට ඇට්ලස් V රොකට්ටුවක් මගින් දියත් කරපු මේ යානය බිලියන 1.74ක දුරක් ගෙවාගෙන වසර පහකට පස්සේ තමයි බ්රහස්පතිගේ කක්ෂයට ළඟා වුණේ. සූර්ය බලයෙන් ක්රියාත්මක වෙන පළමු අභ්යවකාශ යානය විදිහට ජූනෝ හරිම විශේෂයි. මේ යානයේ තියෙන අඩි 30ක් දිග සූර්ය පැනල තුන නිසා තමයි ඒ දුර බැහැර ග්රහයාගේ අඳුරු පරිසරයේදී වුණත් යානයට අවශ්ය ශක්තිය ලැබෙන්නේ.
2016 ඉඳන් බ්රහස්පති වටා කැරකෙන ජූනෝ යානය අද වෙනකොට අපිට බ්රහස්පතිගේ අතිශය සුන්දර ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගොඩක් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බ්රහස්පතිගේ වායුගෝලය, චුම්භක ක්ෂේත්ර සහ කාලගුණික රටා ගැන වටිනා විද්යාත්මක දත්ත රැසක් මේ යානය මගින් සොයාගෙන තියෙනවා. මුලින්ම සැලසුම් කරපු කාලය ඉක්මවා ගියත්, නාසා ආයතනය මේ මෙහෙයුම කිහිප වතාවක්ම දීර්ඝ කළා. ඒ නිසාම බ්රහස්පතිගේ ගනිමීඩ්, යුරෝපා සහ අයෝ වගේ සඳවල් ගැනත් පර්යේෂණ කරන්න ජූනෝට පුළුවන් වුණා. අද ජූනෝ ලබා දෙන මේ තොරතුරු අනාගතයේ බ්රහස්පති වෙත යවන අභ්යවකාශ මෙහෙයුම්වලට ලොකු පිටුවහලක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්.

Discussion & Feedback