දකුණු ඇමරිකාවේ ඉක්වදෝරයේ ඩුරාන් නගරය මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මැර කල්ලිවල ග්‍රහණයට නතුවෙලා. පොලිස් කැප්ටන් ජීන් කාලෝස් බුස්ටාමන්ටේ කියන විදිහට, ඔහුට සටන් කරන්න වෙලා තියෙන්නේ පිටත ඉන්න අපරාධකරුවන් එක්ක විතරක් නෙවෙයි, පොලිසිය ඇතුළෙම ඉන්න දූෂිත නිලධාරීන් එක්කත්. මැර කල්ලිවලින් මුදල් ගන්නා මේ දූෂිතයන් නිසා තමන්ගේම කණ්ඩායම හැර වෙන කිසිවෙකුත් විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ මැර කල්ලි කොයිතරම් බලවත්ද කියනවා නම්, ඔවුන්ට විරුද්ධව කට අරින ඕනෑම කෙනෙක්ව මරලා දාන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ.
ඉක්වදෝරය හරහා යුරෝපයට සහ ඇමරිකාවට ලෝකයේ කොකේන් සැපයුමෙන් 70%ක්ම යනවා. මේ නිසා සාමකාමී සංචාරක රටක් විදිහට තිබුණු ඉක්වදෝරය පසුගිය දශකය තුළ ලේ වැගිරෙන බිමක් බවට පත් වෙලා. පසුගිය වසරේ විතරක් 9,200කට වැඩි පිරිසක් ඝාතනය වෙලා තියෙනවා. ජනාධිපතිවරයා දැඩි නීති ක්‍රියාත්මක කළත්, මැර කල්ලිවල බලය තවමත් රජයට වඩා වැඩියි. කැප්ටන් බුස්ටාමන්ටේ සහ ඔහුගේ කණ්ඩායම දිනපතාම ජීවිත අවදානමට ලක් කරමින් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන්න මෙහෙයුම් දියත් කරනවා. ඔවුන් සොයාගන්නා අවි ආයුධ සහ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මේ මහා යුද්ධයේ කුඩා ජයග්‍රහණ විතරයි. මේ සටන කවදා කෙළවර වෙයිද කියලා කාටවත් හිතාගන්න බැරි තරමට තත්ත්වය බරපතළ වෙලා තියෙනවා.

Discussion & Feedback