අභ්යවකාශ විද්යාඥයන් විසින් මීට පෙර කිසිදා දැක නොතිබූ අමුතුම ආකාරයේ මන්දාකිණියක් සොයාගෙන තියෙනවා. ‘Cloud 9’ ලෙස නම් කර ඇති මෙම මන්දාකිණිය, සාමාන්ය මන්දාකිණිවල තිබිය යුතු තරු කිසිවක් නොමැති, සම්පූර්ණයෙන්ම පාහේ ‘තරු රහිත’ මන්දාකිණියක් බවයි පර්යේෂකයන් පවසන්නේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 14ක් ඈතින් පිහිටි මෙය, දැවැන්ත හයිඩ්රජන් වායු වලාකුළකින් සහ අඳුරු පදාර්ථවලින් (Dark Matter) සමන්විත වුවත්, හබල් දුරේක්ෂය මගින් නිරීක්ෂණය කළ විට එහි කිසිදු තාරකාවක ආලෝකයක් දක්නට ලැබුණේ නැහැ.
ස්පාඤ්ඤයේ ඉන්ස්ටිටියුටෝ ද ඇස්ට්රොෆිසිකා ද කැනරියාස් ආයතනයේ ඉග්නාසියෝ ටෘජිලෝ ප්රමුඛ කණ්ඩායම ලොව විශාලතම දෘශ්ය දුරේක්ෂය වන ‘ග්රෑන් ටෙලස්කෝපියෝ කැනරියාස්’ භාවිතයෙන් ඉතා ගැඹුරින් මෙම ප්රදේශය නිරීක්ෂණය කර තිබෙනවා. ඔවුන්ගේ පර්යේෂණයට අනුව, මෙහි තරු සෑදීමට අවශ්ය අමුද්රව්ය ඕනෑ තරම් තිබුණත්, කිසිදු තාරකාවක් බිහි වී නැහැ. මෙය දශක ගණනාවක් තිස්සේ න්යායාත්මකව පමණක් පැවති ‘අඳුරු මන්දාකිණියක්’ පිළිබඳ සංකල්පය සනාථ කරන ප්රබල සාක්ෂියක් බවයි විද්යාඥයන් පවසන්නේ.
මෙම සොයාගැනීම අභ්යවකාශ විද්යාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ, ආලෝකයක් විමෝචනය නොකරන මෙවැනි වස්තූන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් නිසයි. ‘Cloud 9’ යනු තරු නොමැතිව පවතින සැබෑ මන්දාකිණියක් බව මේ වන විට තහවුරු වෙමින් පවතින අතර, එය විශ්වයේ සැඟවුණු රහස් තවදුරටත් හෙළි කර ගැනීමට විද්යාඥයන්ට විශාල පිටුවහලක් වනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback