ඇමරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අද දිනයේදී විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට තුනකට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඩොලර් 78.50ක් වැනි මට්ටමකට පැමිණ තිබෙන අතර, ඇමරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිලත් ඩොලර් 73.70ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මැද පෙරදිග කලාපයේ පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය නිසා තෙල් සැපයුමට බාධා ඇති වේවිද කියන බිය ආයෝජකයින් අතර දැඩිව වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
දෙරට අතර පවතින ගැටුම් උත්සන්න වෙමින් ඇමරිකානු හමුදා විසින් දකුණු ඉරානය ඉලක්ක කරගෙන නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන විදිහට බන්දාර් අබ්බාස්, සිරික් සහ ජාස්ක් වැනි වරාය නගරවල මෙන්ම කෙෂ්ම් දූපතේත් පිපිරීම් කිහිපයක් සිදුවී තියෙනවා. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය තෙල් ප්‍රවාහනයට බාධාවක් වුවහොත් ගෝලීය වශයෙන් තෙල් සැපයුම සීමා වී මිල තවදුරටත් ඉහළ යා හැකි බවට වෙළඳපොළ විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. මේ නිසා ඉදිරි දිනවලදීත් ලෝක බලශක්ති වෙළඳපොළේ දැඩි අවිනිශ්චිතතාවයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback