ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මට්ටමටම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වන විට පහළ ගොස් තිබෙනවා. හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය යළි ආරම්භ වීම සහ ඇමරිකාව හා ඉරානය අතර ඇති කරගත් ගිවිසුම මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72ක මට්ටමට පැමිණ ඇති අතර, මෙය යුද්ධයට පෙර පැවති මිල ගණන්වලට සමානයි. මේ වන විට එම සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමන් කිරීම සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණත්, තවමත් යුද්ධයට පෙර පැවති සාමාන්‍ය මට්ටමට ළඟා වී නැහැ.
කෙසේ වෙතත්, විශේෂඥයන් පෙන්වා දෙන්නේ කලාපයේ පවතින අවදානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බවයි. යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුවහොත් නැවතත් තෙල් මිල ඉහළ යාමේ අවදානමක් පවතිනවා. මේ අතර, බොරතෙල් මිල පහළ ගියත් ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් එම වේගයෙන් පහළ නොයෑම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පාර්ශ්වයන් බලශක්ති සමාගම්වලට චෝදනා එල්ල කරනවා. ඉදිරි සතිය තුළදී ඉන්ධන මිල යම් මට්ටමකින් පහළ යනු ඇතැයි පාරිභෝගිකයන් බලාපොරොත්තු වන අතර, ලෝක වෙළෙඳපොළේ මෙම වෙනස සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට කෙතරම් බලපානු ඇත්ද යන්න ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback