ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තාවකාලිකව නතර කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගිහින් තියෙනවා. පසුගිය සතියේදී බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියත්, මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88කට වඩා අඩු අගයකට වැටිලා තියෙනවා. දෙරට අතර සාකච්ඡා සඳහා ඉඩක් ලබා දීමේ අරමුණින් ප්‍රහාර නතර කිරීමට ගත් තීරණය මේ මිල පහළ යාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.
මේ ගැටුම් නිසා ලෝකයේ තෙල් ප්‍රවාහනයට වැදගත් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසුගිය දිනවල ලෝක වෙළඳපොලේ තෙල් මිල විශාල ලෙස ඉහළ ගියා. ඒ වගේම රතු මුහුදේදී සිදුවූ ප්‍රහාර නිසාත් තෙල් සැපයුම සම්බන්ධයෙන් ලොකු අවිනිශ්චිතතාවයක් ඇති වුණා. මේ තත්ත්වය ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ යාමටත්, ඒ හරහා ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ ගොස් උද්ධමනය වැඩි වීමටත් බලපෑවා.
කෙසේ වෙතත්, වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ මේ මිල පහළ යාම තාවකාලික විය හැකි බවයි. දෙරට අතර සාකච්ඡා සාර්ථක වී ස්ථිර සාමයක් ඇති වේද යන්න පිළිබඳව තවමත් ලොකු සැකයක් පවතින නිසා ආයෝජකයන් තවමත් ඉන්නේ ඉතා සැලකිල්ලෙන්. ඉදිරියේදී මේ ගැටුම්කාරී තත්ත්වය කොයි පැත්තට හැරේවිද කියන එක මත ලෝක තෙල් මිල තීරණය වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Discussion & Feedback