මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය සහ ඇමෙරිකාව හා ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය නොතකා, පසුගිය සිකුරාදා දිනයේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ ගියා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88ක් දක්වාත්, ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.09ක් දක්වාත් පහළ ගිය බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, මෙම මාසය තුළ බොරතෙල් මිල සියයට 20ක පමණ ඉහළ යාමක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.
ලෝක බොරතෙල් සැපයුමේ ප්‍රධාන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය යම් තරමකින් යථා තත්ත්වයට පත්වීම මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. යේමනයේ හූති සටන්කාමීන් රතු මුහුදේ නාවික අවහිරතා පැනවුවද, තෙල් ටැංකි ප්‍රවාහනය තවමත් සිදු කෙරෙනවා. කෙසේ වෙතත්, ආරක්ෂක අවදානම් හේතුවෙන් ප්‍රවාහන ගාස්තු සහ රක්ෂණ වාරික ඉහළ යාම නිසා තෙල් මිල තවමත් ඉහළ මට්ටමක පවතින බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර, සෞදි අරාබියේ මූලිකත්වයෙන් රතු මුහුද සහ ඒ ආශ්රිත සමුද්‍ර කලාපවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටවල් 14ක සහභාගීත්වයෙන් යුත් නව ආරක්ෂක සන්ධානයක් පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා. මෙම පියවර මගින් ඉදිරියේදී බලශක්ති සැපයුම් මාර්ගවල ආරක්ෂාව තහවුරු කරමින් ගෝලීය තෙල් වෙළඳපොළ ස්ථාවර කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් තෙල් මිලෙහි ඉදිරි ගමන් මග තවමත් අවිනිශ්චිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Discussion & Feedback