මේ දවස්වල හොරර් ෆිල්ම් ලෝකයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම 2026 වසරේ වැඩිම බලාපොරොත්තු තියාගෙන ඉන්න චිත්රපට අතරට ‘Soulm8te’ එකතු වෙලා තියෙන්නේ ‘M3GAN’ සිනමා විශ්වයේ අලුත්ම අංගයක් විදිහටයි. මේ චිත්රපටය ගැන කතා කරද්දී ගොඩක් අය ‘Obsession’ චිත්රපටයත් එක්ක මේක සන්සන්දනය කරනවා. ‘Soulm8te’ කතාව ගෙතෙන්නේ තමන්ගේ බිරිඳ නැති වුණාට පස්සේ ඇයව සිහිපත් කරගන්න ‘සාරා’ කියන ඇන්ඩ්රොයිඩ් රොබෝව මිලදී ගන්නා ඩේවිඩ් කියන ඉංජිනේරුවා වටායි. ඔහු මේ රොබෝව තවත් මිනිස් ගතිගුණ තියෙන කෙනෙක් විදිහට වෙනස් කරන්න උත්සාහ කරනකොට ඇතිවෙන බිහිසුණු ප්රතිඵල තමයි මේ චිත්රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.
‘M3GAN’ චිත්රපට මාලාවේ තිබුණු ඒ හාස්යජනක සහ බිහිසුණු ගතිය මේ අලුත් චිත්රපටයෙත් දකින්න ලැබෙනවා. හැබැයි මේක කලින් ආපු චිත්රපටවලට වඩා වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා තමයි විචාරකයෝ කියන්නේ. ‘Obsession’ චිත්රපටයේ තියෙන අද්භූත සහ මානසික භීෂණයට වඩා, මෙතනදී රොබෝ කෙනෙක්ට මිනිස් හැඟීම් සහ ආදරය කරන්න කියලා දෙන එකෙන් ඇතිවෙන අවදානම ගැන තමයි අවධානය යොමු වෙන්නේ. කොහොම වුණත්, මේ චිත්රපටය ‘M3GAN’ ලෝකයේම කොටසක් වුණත්, කතාව අතින් සම්පූර්ණයෙන්ම වෙනස් මගක් ගන්න එක ප්රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි. ගොරෝසු දර්ශන, ඇක්ෂන් සහ බය හිතෙන දර්ශනවලින් පිරුණු මේ චිත්රපටය හොරර් ෆිල්ම් වලට ආස අයට නම් මගහැරගන්න බැරි එකක් වෙයි.

Discussion & Feedback