2025 වසරේ පැවැත්වුණු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට තම පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ සඳහා අයදුම්පත් භාරගැනීම ජුනි 25 වැනිදා ආරම්භ වුණු අතර, එය ජූලි 8 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. පාසල් අයදුම්කරුවන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ටත් තමන්ගේ අයදුම්පත් අන්තර්ජාලය හරහාම ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා.
මේ සඳහා ඔබට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.doenets.lk වෙත ගිහින් ‘Our Services’ යටතේ තියෙන ‘Exam Information Centre’ හරහා හෝ කෙළින්ම onlineexams.gov.lk/eic කියන වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. දැනටමත් ගිණුමක් තියෙන අය තමන්ගේ විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරලා ලොග් වෙන්න ඕනේ. අලුතින් ලියාපදිංචි වෙන අයට තමන්ගේ හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය භාවිතා කරලා ගිණුමක් හදාගන්න පුළුවන්.
එක් විෂයකට රුපියල් 200ක ගාස්තුවක් අය කරන අතර, එම මුදල ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් හෝ තැපැල් කාර්යාල හරහා ගෙවන්න පහසුකම් තියෙනවා. අයදුම්පතක් ඉදිරිපත් කරන්න කලින් එහි තියෙන උපදෙස් හොඳට කියවලා බලන්න අමතක කරන්න එපා. මොකද එක වතාවක් විතරයි අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මුදල් ගෙවන්නේ නැති අයදුම්පත් ප්‍රතික්ෂේප වෙන නිසා, මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback