නවසීලන්තයේ ආගමික නිකායක් පවත්වාගෙන ගිය කයිෂියාඕ ලියු නම් පුද්ගලයෙකුට එරෙහිව එල්ල වූ මිනීමැරුම් සහ පැහැරගැනීමේ චෝදනා ඔප්පු වීමෙන් පසු ඔහුට වසර දහයකට වැඩි සිරදඬුවමක් නියම වෙලා තියෙනවා. චීනයේ සිට පැමිණි 70 හැවිරිදි ෂුලායි වැන්ග් නම් කාන්තාව මියගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී ඕක්ලන්ඩ් හි ගල්ෆ් හාබර් ප්රදේශයේදී හමුවුණේ සහල් මලු කිහිපයක ඔතා තිබියදීයි. ලියු තමන් ආගමික නිකායක නායකයෙකු නොවන බව පැවසුවත්, ඔහු තම අනුගාමිකයන්ව දැඩි පාලනයක් යටතේ තබාගෙන ඔවුන්ව ‘ස්වාමියා’ ලෙස තමන්ව අමතන්නට බල කර ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.
මෙම කාන්තාව ලියුගේ නිවසේ වහලියක ලෙස සේවය කරමින් සිටියදී, නීති කඩ කිරීම නිසා නිතරම දඬුවම් විඳීමට සිදුව තිබෙනවා. ඇය පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ලියු ඇයව අල්ලාගෙන සිරකර තබාගෙන ඇති අතර, පසුව ඇය මියගොස් තිබුණා. මළ සිරුර බැහැර කිරීමට ලියු තම දරුවන් පවා යොදාගෙන තිබීම බොහෝ දෙනාගේ කම්පනයට හේතු වුණා. ලියුගේ බිරිඳටත් වසර අටක සිරදඬුවමක් හිමිව ඇති අතර, ඔහුගේ දෙමාපියන්ටත් නඩු විභාගයන් පැවැත්වෙනවා. විනිසුරුවරයා පවසා සිටියේ ලියු කිසිදු පසුතැවිල්ලක් නොමැතිව ඉතා අමානුෂික ලෙස මෙම කාන්තාවගේ ජීවිතය නැති කර ඇති බවයි.

Discussion & Feedback