ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත් ජනප්රිය නළු පෙඩ්රෝ පැස්කල් ප්රධාන චරිතය නිරූපණය කරන, ටෝනි ගිල්රෝයි අධ්යක්ෂණය කළ ‘Behemoth!’ චිත්රපටය 64 වැනි නිව්යෝර්ක් සිනමා උළෙලේදී ලෝක මංගල දර්ශනය පැවැත්වීමට නියමිතයි. මෙම චිත්රපටය උළෙලේ විශේෂාංගයක් ලෙස තෝරාගෙන තිබෙන අතර, මෙහි පැස්කල් රඟපාන්නේ ඇලෙක්ස් නම් දක්ෂ සෙලෝ වාදකයෙකුගේ චරිතයයි. සිය පවුලේ සංගීත පසුබිම සහ පෞද්ගලික ජීවිතයේ ගැටලු මැද අසරණ වන ඇලෙක්ස්, නැවත ලොස් ඇන්ජලීස් වෙත පැමිණ සිය ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ කරන ආකාරය මෙහිදී දැකගන්න පුළුවන්.
මෙම චිත්රපටය ගැන අදහස් දක්වමින් උළෙලේ කලා අධ්යක්ෂ ඩෙනිස් ලිම් පවසන්නේ, මෙය ඉතාමත් නිර්මාණශීලී සංගීත භාවිතයකින් සහ දක්ෂ නළු නිළියන් පිරිසකගෙන් සමන්විත විශිෂ්ට නිර්මාණයක් බවයි. විශේෂයෙන්ම පෙඩ්රෝ පැස්කල්ගේ රංගනය මේ වසරේ දකින්න ලැබෙන හොඳම රංගනයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ඔලිවියා වයිල්ඩ්, හැන්ක් අසාරියා සහ විල් ආර්නෙට් වැනි ප්රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
‘Behemoth!’ චිත්රපටය ඔක්තෝබර් 2 වැනිදා නිව්යෝර්ක් සිනමා උළෙලේදී තිරගත කිරීමට නියමිත අතර, දෙසැම්බර් 4 වැනිදා සිට ලොව පුරා සිනමාහල්වල ප්රදර්ශනය ආරම්භ කරනවා. ‘මයිකල් ක්ලේටන්’ සහ ‘බෝන්’ චිත්රපට මාලාව හරහා ලොවම දන්නා අධ්යක්ෂවරයෙකු වන ටෝනි ගිල්රෝයිගේ මෙම නවතම නිර්මාණය ගැන සිනමා ලෝලීන් මේ වන විටත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.

Discussion & Feedback