කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හෙවත් AI ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන Nvidia සමාගමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්, Etched නම් නවක සමාගම මේ වන විට අතිවිශාල සාර්ථකත්වයක් අත්කරගෙන තියෙනවා. ඔවුන් නිෂ්පාදනය කරන විශේෂිත AI චිප්ස් සඳහා මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියනයක ඇණවුම් ලැබී තිබීම විශේෂත්වයක්. 2022 වසරේදී ආරම්භ වුණු මෙම සමාගම, පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 500ක අරමුදල් වටයක් සම්පූර්ණ කර ගත් අතර, ඒ හරහා සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජෙෆ්රි හින්ටන් සහ ෆෙයි-ෆෙයි ලී වැනි AI ක්ෂේත්රයේ ප්‍රවීණයන් පවා මෙම සමාගම කෙරෙහි විශ්වාසය තබා ආයෝජනය කර තිබීම ඔවුන්ගේ සාර්ථකත්වයට කදිම සාක්ෂියක්.
මෙම සමාගම නිර්මාණය කරන්නේ සාමාන්‍ය චිප්ස්වලට වඩා වේගවත් සහ අඩු පිරිවැයකින් ක්‍රියාත්මක වන ‘Frontier Inference Clusters’ නම් විශේෂිත පද්ධතියක්. AI තාක්ෂණය භාවිතා කරන විට දත්ත සැකසීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කරමින්, වඩාත් කාර්යක්ෂමව වැඩ කටයුතු කරගැනීමට මෙය ඉවහල් වෙනවා. ආරම්භයේදී ආයෝජකයන්ගෙන් එතරම් ප්‍රතිචාරයක් නොලැබුණත්, අද වන විට ලෝකයේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් සහ තාක්ෂණික දැවැන්තයන් මෙම සමාගම දෙස බලා සිටින්නේ AI ක්ෂේත්රයේ අනාගතය වෙනස් කිරීමට ඔවුන්ට හැකියාවක් ඇති බව දන්නා නිසයි. ඉදිරියේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරන සමාගම්වලට මෙම චිප්ස් මගින් විශාල වාසියක් අත්කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback