කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ දියුණුවත් සමඟ දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි බලයක් අවශ්‍ය වී තිබෙනවා. මේ අභියෝගයට විසඳුමක් ලෙස කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (SMR) නිපදවන ඇමරිකාවේ ‘Valar Atomics’ සමාගම මේ වන විට ආයෝජකයින්ගේ දැඩි අවධානයට ලක්වෙලා. වාර්තා වන පරිදි, මෙම සමාගම ඩොලර් බිලියන 6ක වටිනාකමක් යටතේ අලුතින් ඩොලර් බිලියනයක ආයෝජන වටයක් ආරම්භ කිරීමට සූදානම් වන අතර, ප්‍රකට Sequoia ආයතනය මෙයට මූලිකත්වය ගනු ඇති බවයි පැවසෙන්නේ. පසුගිය කාලයේදී ඔවුන් Nvidia සමාගම සමඟ එක්ව න්‍යෂ්ටික බලශක්තිය භාවිතයෙන් AI චිප් එකක් ක්‍රියාත්මක කර පෙන්වීමත් සමඟ මෙම ක්ෂේත්රයේ ඔවුන්ගේ වටිනාකම තවත් ඉහළ ගියා.
මෙම සමාගමේ නිර්මාතෘවරයා වන්නේ වයස අවුරුදු 27ක් වන Isaiah Taylor නම් තරුණ ව්යවසායකයායි. ඔවුන්ගේ තාක්ෂණය හීලියම් වායුව භාවිතයෙන් සිසිල් වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මත පදනම් වී තිබෙනවා. සාම්ප්‍රදායික බලාගාරවලට වඩා වේගයෙන් සහ අඩු වියදමකින් මේවා ස්ථාපනය කළ හැකි බවයි සමාගම පවසන්නේ. කෙසේ වෙතත්, න්‍යෂ්ටික බලශක්ති නියාමන ආයතනවල දැඩි නීති රීති සහ බලපත්‍ර ලබාගැනීමේ ගැටලු නිසා ඔවුන්ට නීතිමය අභියෝගවලටත් මුහුණ දීමට සිදුව තිබෙනවා. ඉදිරියේදී දත්ත මධ්‍යස්ථාන සිය ගණනකට විදුලිය සැපයීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුවත්, මෙම තාක්ෂණය කාර්මික මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තව කොපමණ කාලයක් ගතවේද යන්න තවමත් අවිනිශ්චිතයි.

Discussion & Feedback