Meta සමාගම විසින් Instagram, Facebook සහ WhatsApp වැනි සිය වේදිකා හරහා නව යොවුන් වියේ පසුවන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති නව සීමා කිරීම් සම්බන්ධයෙන් ඇමරිකානු දෙමාපියන් සහ දරුවන් අතර දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. දිනකට පැය දෙකක කාල සීමාවක් පැනවීම, ‘Likes’ ගණන සැඟවීම සහ පාසල් වේලාවන් තුළ දැනුම්දීම් (notifications) අක්‍රිය කිරීම වැනි පියවරයන් ගෙන තිබුණත්, බොහෝ දෙමාපියන් පවසන්නේ මෙය ප්‍රමාණවත් නොවන බවයි. ඇමරිකානු ඩොලර් බිලියන 18ක වන්දි ගෙවීමක් සමඟ මෙම වෙනස්කම් සිදු වුණත්, මෙය සමාජ මාධ්‍යවල ඇති ඇබ්බැහි කරවන සුළු ස්වභාවය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වේවිද යන්න ගැන ඔවුන්ට තවමත් සැකයක් තියෙනවා.
තම දරුවන් සමාජ මාධ්‍යවලින් සම්පූර්ණයෙන්ම ඈත් කර තැබීමට නොහැකි වීම සහ ඒවායේ ඇති අහිතකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම නිසා දෙමාපියන් අසරණ වී සිටින බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) දියුණු වීමත් සමඟ, නව තාක්ෂණික ක්‍රම භාවිත කරමින් දරුවන් නැවතත් ව්‍යාජ අන්තර්ගතයන් වෙත යොමු වීමට ඉඩ ඇති බව යොවුන් වියේ දරුවන් පවා පෙන්වා දෙනවා. සමාජ මාධ්‍ය යනු මත්ද්‍රව්‍යයක් වැනි දෙයක් බවත්, Meta සමාගම කරන්නේ එම මත්ද්‍රව්‍ය බෙදාහැරීම තරමක් පාලනය කිරීමට උත්සාහ කිරීම පමණක් බවත් බොහෝ දෙනාගේ අදහසයි. කෙසේ වෙතත්, මෙම නව නීති රීති ක්‍රියාත්මක වන ආකාරය දෙස ලෝකයම බලා සිටින අතර, සමාජ මාධ්‍යවලින් දරුවන්ට සිදුවන මානසික බලපෑම් අවම කර ගැනීමට මෙය කෙතරම් දුරට උපකාරී වේවිද යන්න ඉදිරියේදී දැකගන්න පුළුවන්.

Discussion & Feedback