නෝර්වේ රාජ්‍යයේ හාරාල්ඩ් රජු මේ දිනවල අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ශරීරයේ තරල එක්රැස් වීමක් හේතුවෙන් එතුමාව රෝහල්ගත කළ බවත්, ඉදිරි සති දෙකක කාලයක් රජු අසනීප නිවාඩු ලබාගෙන සිටින බවත් රාජකීය මාලිගාව නිවේදනය කළා. වයස අවුරුදු 89ක් වන හාරාල්ඩ් රජු මෑත කාලයේදී රක්තහීනතාවය වැනි සෞඛ්‍ය ගැටලු කිහිපයකින්ම පීඩා වින්දා. රජුගේ රාජකාරි කටයුතු මේ වන විට ඔටුන්න හිමි හෝකන් කුමරු විසින් තාවකාලිකව භාරගෙන තිබෙනවා. 1991 වසරේ සිට සිහසුන හොබවන රජු, තමන් කිසිසේත්ම සිහසුන අත් නොහරින බව මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණා.
මේ අතර, නෝර්වේ රාජකීය පවුල පසුගිය කාලය පුරාම විවිධ මතභේදාත්මක සිදුවීම්වලට මුහුණ දෙමින් සිටිනවා. ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මැරිට්, ජෙෆ්රි එප්ස්ටීන් සමඟ පැවති සබඳතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටි අතර, ඇගේ පුත් මාරියස් බෝර්ග් හෝයිබි දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරදඬුවම් ලැබීම රාජකීය පවුලට විශාල අපකීර්තියක් ගෙන දුන්නා. මීට අමතරව, රැජින වන සෝනියා ද හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මෑතකදී රෝහල්ගත වීමට සිදුවීමත් සමඟ නෝර්වේ රාජකීය පවුල මේ වන විට ඉතා අසීරු කාලසීමාවක් පසු කරමින් සිටින බව පැහැදිලියි.

Discussion & Feedback