මේ මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර රග්බි තරගාවලියක් විදිහට ‘ආසියා පැසිෆික් ලයන්ස්’ සහ එංගලන්තයේ ප්‍රිමියර් ලීග් කණ්ඩායමක් වන ‘නෝර්ත්හැම්ප්ටන් සේන්ට්ස්’ අතර තරගය හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ උත්සවයකදීයි. මේ ප්‍රධාන රග්බි තරගය අගෝස්තු 28 වැනිදා සවස 4.30ට කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තියෙනවා.
මේ සංචාරයට සමගාමීව තවත් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අගෝස්තු 23 වැනිදා රාත්‍රී 7.30ට සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර රග්බි තරු සහ අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, චමින්ද වාස් වැනි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘත්තයන් එකතු වන පුණ්‍යාධාර ටී-20 ක්‍රිකට් තරගයක් පැවැත්වෙනවා. ඒ වගේම දිවයින පුරා පාසල් සිසුන් වෙනුවෙන් රග්බි පුහුණු වැඩසටහන් සහ පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළු රැසක් සංවිධානය කරලා තියෙනවා.
මේ ගැන අදහස් දක්වපු ක්‍රීඩා අමාත්‍යවරයා කිව්වේ, මේ වගේ උත්සව මගින් ශ්‍රී ලංකාව ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් විදිහට ලෝකයට ගෙනියන්න පුළුවන් බවයි. ඒ වගේම අපේ රටේ රග්බි ක්‍රීඩාව දියුණු කරන්න සහ දේශීය ක්‍රීඩාලෝලීන්ට ලෝක මට්ටමේ තරගයක් තමන්ගේම රටේදී දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර දෙන්න මේ වැඩසටහන ලොකු පිටුවහලක් වෙනවා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback