ලොව පුරා ජනප්රිය ‘ද වෝකින් ඩෙඩ්’ (The Walking Dead) කතාමාලාවේ ඩැරල් ඩික්සන් ලෙස අප කවුරුත් දන්නා නෝමන් රීඩස්, ඇපල් ටීවී (Apple TV) ආයතනය නිෂ්පාදනය කරන අලුත්ම ක්රියාදාම ත්රාසජනක කතාමාලාවක් වන ‘ඩිසවවුඩ්’ (Disavowed) සඳහා සම්බන්ධ වෙන්න තීරණය කරලා තියෙනවා. ‘අයන් මෑන්’ සහ ‘අන්චාර්ටඩ්’ වැනි සුපිරි චිත්රපට නිර්මාණය කළ ආර්ට් මාකම් සහ මැට් හොලෝවේ විසින් නිර්මාණය කරන මෙම කතාමාලාවේ රීඩස් රඟපාන චරිතය ගැන තවමත් කිසිදු තොරතුරක් හෙළි කරලා නැහැ. කෙසේ වෙතත්, ඔහුගේ රසිකයන් මේ ආරංචිය හරිම උද්යෝගයෙන් බලාගෙන ඉන්නවා.
මෙම කතාමාලාව ගෙතෙන්නේ ජේම්ස් මාස්ඩන් රඟපාන බ්රැඩ් ග්රිෆින් නම් සී.අයි.ඒ. නිලධාරියා වටායි. තම සගයෙකු ඝාතනය කළ අපරාධකරුවෙකු සොයා යන අතරතුර හදිසියේම රැකියාවෙන් නෙරපා හරින බ්රැඩ්, පසුව තනිවම එම අපරාධකරුවා සොයා යන ගමනක් ගැන තමයි මෙහි කියවෙන්නේ. මෙම කතාමාලාවේ පළමු කොටස් දෙක අධ්යක්ෂණය කරන්නේ ‘බ්රේකින් බැඩ්’ වැනි ජනප්රිය නිර්මාණවලට දායක වූ මිෂෙල් මැක්ලරන් විසින්. ඇපල් ස්ටූඩියෝස් හරහා නිෂ්පාදනය වන මෙම කතාමාලාව ඉදිරියේදී ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇති.
නෝමන් රීඩස් කියන්නේ දැනටමත් හොලිවුඩයේ ඉහළම තැනක ඉන්න නළුවෙක්. ‘ද වෝකින් ඩෙඩ්’ කතාමාලාවට අමතරව ඔහු ‘බූන්ඩොක් සේන්ට්ස්’ චිත්රපට මාලාවෙනුත් ලොකු ජනප්රියත්වයක් ලබා ගත්තා. මේ දිනවල ඔහු තවත් නව චිත්රපට කිහිපයකම වැඩ කටයුතු කරගෙන යන අතර, ‘ඩිසවවුඩ්’ කතාමාලාව ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් සුවිශේෂී පියවරක් වේවි කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඉදිරියේදී මේ ගැන තවත් අලුත් තොරතුරු දැනගන්න අපත් එක්කම රැඳී ඉන්න.

Discussion & Feedback