දැන් ඔයාලට කොළඹ වන් ගෝල් ෆේස් (One Galle Face) මෝල් එකේ තියෙන NOLIMIT ශාඛාවට ගියාම හරිම පහසුවෙන් සහ වේගයෙන් බඩු ගන්න පුළුවන්. මොකද මේ ශාඛාවට අලුතෙන්ම RFID තාක්ෂණය සහ AI හෙවත් කෘත්රිම බුද්ධියෙන් ක්රියාත්මක වන සේවාවන් හඳුන්වා දීලා තියෙනවා. මේක ඇත්තටම ලංකාවේ විලාසිතා වෙළඳසැලක දකින්න ලැබෙන පළමු අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම RFID තාක්ෂණය නිසා ඔයාලට බිල් ගෙවද්දී එකින් එක ස්කෑන් කර කර ඉන්න ඕනේ නැහැ. තෝරාගත්ත ඇඳුම් ඔක්කොම එකපාරටම හඳුනාගෙන හරිම ඉක්මනින් බිල් එක ගෙවලා එළියට එන්න පුළුවන්. මේක ඇත්තටම කාර්යබහුල අපේ අයට ගොඩක් වටිනා අත්දැකීමක්.
මේ තාක්ෂණය නිසා සාප්පුව ඇතුළේදීත් ඔයාලට ලොකු පහසුවක් ලැබෙනවා. ඔයාලට ඕන කරන ඇඳුමේ සයිස් එකක් හරි පාටක් හරි හොයාගන්න ඕනේ නම්, ඒක හරිම ඉක්මනින් හොයලා දෙන්න මේ RFID පද්ධතියට පුළුවන්. ඒ වගේම AI තාක්ෂණය හරහා පාරිභෝගිකයන්ට වඩාත් බුද්ධිමත් සහ පහසු සාප්පු සවාරියක් ලබා දෙන්න NOLIMIT ආයතනය කටයුතු කරලා තියෙනවා. මේ වගේ නවීන තාක්ෂණයන් ලංකාවේ විලාසිතා ක්ෂේත්රයට එකතු කිරීමෙන්, අනාගතයේදී අපිට තවත් දියුණු සාප්පු සවාරි අත්දැකීම් ලබාගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලත් වන් ගෝල් ෆේස් ගිය වෙලාවක මේ අලුත් අත්දැකීම අනිවාර්යයෙන්ම විඳලා බලන්න.

Discussion & Feedback