ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලනාධිකාරිය විසින් සමාජ මාධ්ය සටහන් සඳහා ජනප්රිය ගායක නෝවා කහාන්ගේ ‘American Cars’ ගීතය අවසරයකින් තොරව භාවිත කිරීම මේ දිනවල ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ට්රම්ප් ජෙනරල් මෝටර්ස් ආයතනය වෙත ගිය සංචාරයක වීඩියෝවක් සඳහා මෙම ගීතය යොදාගෙන තිබුණත්, තමන් කිසිසේත්ම එවැනි දේශපාලන කටයුත්තකට සිය නිර්මාණ භාවිත කිරීමට ඉඩ නොදෙන බව කහාන් ඉන්ස්ටග්රෑම් හරහා ප්රසිද්ධියේම ප්රකාශ කළා. ඔහු විතරක් නෙවෙයි, එම ගීතයේ සම-රචක නෝවා ලෙවින් පවා මේ සිදුවීම සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස සිය විරෝධය පළ කර තිබෙනවා.
මේ වගේ සිදුවීමක් වාර්තා වුණේ පළමු වතාවට නෙවෙයි. මීට පෙර ප්රසිද්ධ ගායිකා කේටි පෙරීත් තමන්ගේ ‘Firework’ ගීතය ධවල මන්දිරයේ ටික්ටොක් ගිණුමක යුදමය දර්ශන සඳහා යොදා ගැනීම ගැන දැඩි කෝපයකින් අදහස් දක්වා තිබුණා. තමන්ගේ ගීතය බලාපොරොත්තුව සහ සුවය වෙනුවෙන් නිර්මාණය කළ එකක් මිස, යුද්ධය හෝ ප්රචණ්ඩත්වය සැමරීමට නොවන බව ඇය අවධාරණය කළා. කලාකරුවන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ නිර්මාණ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙලෙස භාවිත කිරීම බරපතල සදාචාරාත්මක ගැටලුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ. කෙසේ වෙතත්, නෝවා කහාන්ගේ විරෝධයෙන් පසුව අදාළ ගීතය ඉන්ස්ටග්රෑම් ගිණුමෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණත්, ටික්ටොක් ගිණුමේ තවමත් එය ප්රදර්ශනය වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback