අධිවේගී මාර්ගවල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැදගත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා ඉඳන් අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම බස් රථවල ගමන් කරන මගීන් අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් හෙවත් ආසන පටි පැළඳිය යුතු වෙනවා. මීට කලින් විවිධ හේතු නිසා කල් ගිය මේ නීතිය දැන් ඉතාම දැඩිව ක්‍රියාත්මක කරන්න තමයි බලධාරීන් සූදානම් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් පැලියගොඩ අධිවේගී මාර්ග පිවිසුමේදී ආරම්භ කරලා තියෙනවා. බස් රථවල සීට් බෙල්ට් පහසුකම් තියෙනවාද කියලා පරීක්ෂා කිරීම සහ මගීන් ඒ පිළිබඳව දැනුවත් කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. යම් හෙයකින් බස් රථයක සීට් බෙල්ට් පහසුකම් නැත්නම් හෝ මගීන් සීට් බෙල්ට් පැළඳීමට අකමැති වුණොත්, ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්න සහ දඩ මුදල් අය කරන්න බලධාරීන්ට බලය තියෙනවා.
ඒ නිසා ඔබත් අධිවේගී මාර්ගයේ බස් රථයකින් ගමන් කරන කෙනෙක් නම්, සැප්තැම්බර් 19 වැනිදා ඉඳන් මේ නීතිය ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තියෙන මේ පියවරට සහයෝගය දක්වමින්, ගමනක් යන හැම වෙලාවකම ආසන පටි පැළඳීම පුරුද්දක් කරගන්න කියලා අපි මතක් කරනවා. නීතිය කඩ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන නිසා අනවශ්‍ය ප්‍රශ්නවලින් බේරෙන්න මේ නීති රීති පිළිපැදීම ඉතාම වැදගත්.

Discussion & Feedback