ටෙස්ලා සමාගම විසින් හඳුන්වා දුන් ස්වයංක්‍රීය රථයක් වන ‘සයිබර්කැබ්’ (Cybercab) පිළිබඳව මේ දිනවල ලෝකය පුරාම ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ රථය සම්පූර්ණයෙන්ම කැමරා සහ කෘත්‍රිම බුද්ධිය (AI) ආධාරයෙන් ධාවනය වන එකක්. හැබැයි මේ රථය ගැන එළිදැක්වූ තොරතුරු අතරින් වඩාත්ම අවධානය දිනාගත්ත කාරණයක් තමයි අවුරුදු 13ට අඩු දරුවන්ට මේ රථයේ තනිවම ගමන් කිරීමට අවසර නොමැති වීම. ටෙස්ලා සමාගම පවසන විදිහට, ආරක්ෂක හේතූන් මත මේ තීරණය අරගෙන තියෙනවා. ඒ වගේම, මේ රථයේ සාමාන්‍ය ළමා ආසන සවි කරන LATCH නැංගුරම් පද්ධතියක් නැති නිසා, ආසන පටි ආධාරයෙන් පමණයි දරුවන්ගේ ආසන සවි කරන්න වෙන්නේ.
තවත් විශේෂම දේ තමයි, මේ රථය අනතුරකට ලක් වුණොත් සිදුවන දේවල්. අනතුරකදී වාහනයේ වායු බෑග් ක්‍රියාත්මක වෙලා, දොරවල් ස්වයංක්‍රීයව අගුළු ඇරෙනවා වගේම, හදිසි ආලෝක පද්ධති ක්‍රියාත්මක වෙලා ටෙස්ලා ආධාරක කණ්ඩායම සමඟ සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. ටෙස්ලා සමාගම මීට පෙර ඉලෙක්ට්‍රොනික දොර අගුළු පද්ධති සම්බන්ධයෙන් විවිධ විවේචනවලට ලක් වුණත්, සයිබර්කැබ් රථයේ ඇතුළතින් දොර විවෘත කරන අතින් ක්‍රියාත්මක කළ හැකි බොත්තම ඉතා පැහැදිලි ස්ථානයක තියෙනවා. ඒ වගේම වියදම අඩු කරගන්න කියලා ඔවුන් මේ රථයට ‘බ්රේක්-බයි-වයර්’ (brake-by-wire) පද්ධතියක් එකතු කරලා තියෙනවා. කොහොම වුණත්, මේ රථය කොයිතරම් ආරක්ෂිතද කියලා ඔප්පු කරලා පෙන්වන්න ටෙස්ලා සමාගමට තවමත් ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

Discussion & Feedback