ටෙස්ලා සමාගම විසින් හඳුන්වා දුන් නවතම ස්වයංක්‍රීය රථය වන ‘සයිබර්කැබ්’ (Cybercab) පිළිබඳව මේ වන විට ලොව පුරා ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. හැබැයි මේ රථය ගැන එළිදැක්වූ තොරතුරු අතරේ බොහෝ දෙනෙක් පුදුමයට පත් කළ කරුණු කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම, වයස අවුරුදු 13ට අඩු දරුවන්ට මේ සයිබර්කැබ් රථයේ තනිව ගමන් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම, සාමාන්‍ය මෝටර් රථවල දකින්න ලැබෙන ළමා ආසන සවි කරන LATCH ඇන්කර් පද්ධතියත් මේ රථයේ නැහැ. ඒ වෙනුවට ආසන පටි භාවිතා කරලා තමයි දරුවන්ගේ ආසන සවි කරන්න වෙන්නේ. මේ වගේ දේවල් ටෙස්ලා සමාගම කරලා තියෙන්නේ වියදම් අඩු කර ගැනීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.
තවත් වැදගත් කරුණක් තමයි මේ රථයේ ආරක්ෂාව. අනතුරක් වුණොත් වාහනයේ දොරවල් ස්වයංක්‍රීයව විවෘත වෙන්නත්, හදිසි ආලෝකයන් ක්‍රියාත්මක වෙන්නත්, බැටරි පද්ධතිය විසන්ධි වෙන්නත් මේ රථය වැඩසටහන්ගත කරලා තියෙනවා. ටෙස්ලා සමාගම මීට පෙර චීනයේදී ඉලෙක්ට්‍රොනික දොර අගුළු පද්ධති සම්බන්ධයෙන් විවේචනවලට ලක් වුණා. ඒ නිසාම මේ නව රථයේ අභ්‍යන්තරයේ හදිසි අවස්ථාවකදී පහසුවෙන් භාවිතා කළ හැකි අතින් ක්‍රියාත්මක වන දොර විවෘත කිරීමේ බොත්තමක් ඉතා පැහැදිලිව සවි කරලා තියෙනවා. කෙසේ වෙතත්, මේ රථය කොතරම් දුරට ආරක්ෂිතද කියන එක ගැන ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂක පරිපාලනය දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී මේ ස්වයංක්‍රීය රථ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරට කොහොම ඒවිද කියලා අපි බලාගෙන ඉමු.

Discussion & Feedback