ටෙස්ලා සමාගම විසින් හඳුන්වා දුන් නවතම ස්වයංක්‍රීය රථය වන ‘සයිබර්කැබ්’ (Cybercab) පිළිබඳ තොරතුරු මේ වන විට ලොව පුරා කතාබහට ලක්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ටෙස්ලා සමාගම පවත්වන දැවැන්ත උත්සවවලට වඩා වෙනස්ව, ඉතා කෙටි කාලයකින් නිම වූ මෙම උත්සවයේදී සයිබර්කැබ් රථය පිළිබඳ බොහෝ විස්තර සමාගම විසින් නිකුත් කළ ලේඛන හරහා තමයි දැනගන්න ලැබුණේ. විශේෂයෙන්ම මෙම රථය කැමරා සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් ධාවනය වන අතර, එය ඉතා අඩු වියදමකින් ගමන් කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම රථයේ ආරක්ෂාව පිළිබඳව ඇමරිකානු බලධාරීන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම රථය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කරුණක් තමයි වයස අවුරුදු 13ට අඩු දරුවන්ට මේ රථයේ ගමන් කිරීමට දැනට අවසර නොමැති වීම. සාමාන්‍ය ටෙස්ලා රථවල දරුවන් සඳහා වන විශේෂ ආසන සවි කිරීමට පහසුකම් තිබුණත්, සයිබර්කැබ් රථයේ එවැනි පහසුකම් නොමැති වීම විශේෂත්වයක්. අනතුරක් සිදු වුවහොත් දොරවල් ස්වයංක්‍රීයව විවෘත වීම සහ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන අභ්‍යන්තර ආරක්ෂක පද්ධති ගැන ටෙස්ලා සමාගම අවධාරණය කරනවා. කෙසේ වෙතත්, ඉලෙක්ට්‍රොනික දොර අගුළු පද්ධතිවල ආරක්ෂාව පිළිබඳව මීට පෙර චෝදනා එල්ල වී ඇති නිසා, මෙම නව තාක්ෂණය කොතරම් දුරට සාර්ථක වේවිද යන්න ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback