ටෙස්ලා සමාගම විසින් හඳුන්වා දුන් නවතම ස්වයංක්‍රීය රථය වන ‘සයිබර්කැබ්’ (Cybercab) පිළිබඳව මේ දිනවල ලොව පුරා ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ රථය සම්පූර්ණයෙන්ම කැමරා සහ කෘත්‍රිම බුද්ධිය (AI) ආධාරයෙන් ධාවනය වන එකක්. හැබැයි මේ රථය සම්බන්ධයෙන් ටෙස්ලා සමාගම නිකුත් කරපු නවතම නීති රීති ටිකක් පුදුම හිතෙන සුළුයි. විශේෂයෙන්ම, වයස අවුරුදු 13ට අඩු ළමයින්ට තනිවම මේ සයිබර්කැබ් රථයේ ගමන් කිරීමට දැනට අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම, සාමාන්‍ය මෝටර් රථවල දකින්න ලැබෙන ළමා ආසන සවි කරන LATCH නැංගුරම් පද්ධතියත් මේ රථයේ නැහැ. ඒ වෙනුවට ආසන පටි භාවිතා කරලා තමයි ළමා ආසන සවි කරන්න වෙන්නේ.
මේ රථය අනතුරකට ලක් වුණොත් සිදුවන දේවල් ගැනත් ටෙස්ලා සමාගම කරුණු පැහැදිලි කරලා තියෙනවා. අනතුරකදී වාහනයේ වායු බෑග් ක්‍රියාත්මක වෙලා, දොරවල් ස්වයංක්‍රීයව අගුළු ඇරෙනවා වගේම, හදිසි ආලෝක පද්ධතියත් ක්‍රියාත්මක වෙනවා. ටෙස්ලා සමාගම මේ රථයේ වියදම අඩු කරගන්න විවිධ තාක්ෂණික වෙනස්කම් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට, සාමාන්‍ය හයිඩ්‍රොලික් තිරිංග පද්ධතිය වෙනුවට ඉලෙක්ට්‍රොනික පද්ධතියක් තමයි මෙහි භාවිතා වෙන්නේ. කොහොම වුණත්, මේ රථවල ආරක්ෂාව පිළිබඳව ඇමරිකාවේ ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙන නිසා, ඉදිරියේදී මේ රථවලට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද කියලා අපි බලා ඉන්න ඕනේ.

Discussion & Feedback