ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් ICC එක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් තීරණාත්මක නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවදුරටත් ICC මණ්ඩල රැස්වීම්වලට සහභාගි වෙන්න හෝ නියෝජනයක් ලබාගන්න තවමත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. එඩින්බරෝ නුවර පැවැත්වුණු ICC වාර්ෂික රැස්වීමෙන් පස්සේ තමයි මේ තීරණය ගැන දැනුම් දීලා තියෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කටයුතු යම් මට්ටමකින් සිදුවෙමින් පවතින බව ICC එක පිළිගත්තත්, ඔවුන් අවධාරණය කරන්නේ තවමත් විසඳාගත යුතු ගැටලු ගොඩක් තියෙනවා කියලයි. විශේෂයෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි පරිදි මැතිවරණයක් පවත්වලා පාලන තන්ත්රය ක්‍රමවත් කරන තුරු මේ තහනම ඉවත් කරන්නේ නැහැ කියලා ඔවුන් පවසනවා. ඒ නිසා, හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වලා පාලන කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම අනිවාර්ය බවයි ICC එක පෙන්වා දෙන්නේ.
මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර මට්ටමේ තීරණ ගැනීමේදී තවදුරටත් බාධා මතු වෙනවා. පාලන ව්‍යුහයේ තියෙන ගැටලු සම්පූර්ණයෙන්ම විසඳාගෙන මැතිවරණයක් පවත්වන තුරු, ICC මණ්ඩලයේ නියෝජනයක් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙලා තියෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා පියවර මොනවාද කියලා අපි බලාගෙන ඉන්න ඕනේ.

Discussion & Feedback