එලොන් මස්ක්ට අයත් X සමාජ මාධ්‍ය වේදිකාවේ නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිකිටා බියර් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු වසරකට වැඩි කාලයක් මෙම තනතුරේ කටයුතු කළ අතර, තමන් නැවතත් සාමාන්‍ය පරිශීලකයෙකු ලෙස X වේදිකාව භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවයි පවසන්නේ. කෙසේ වෙතත්, ඔහු ඉදිරියටත් සමාගම වෙනුවෙන් උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබෙනවා. 2025 ජූලි මාසයේදී මෙම වගකීම භාරගත් බියර්, තමන්ගේ කාලසීමාව තුළ නව නිෂ්පාදන 30ක් පමණ හඳුන්වා දීමට කටයුතු කළ බවත්, වේදිකාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවත් සඳහන් කරනවා.
ඔහුගේ පාලන කාලය තුළ X වේදිකාව විවිධ ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම Grok චැට්බෝට් එක සම්බන්ධයෙන් මතුවූ ගැටලු සහ වේදිකාව හරහා නුසුදුසු අන්තර්ගතයන් හුවමාරු වීම වැනි සිදුවීම් හේතුවෙන් සමාගම නීතිමය ගැටලුවලට පවා මැදි වුණා. X යනු ඉතිහාසයේ වැදගත්ම සන්නිවේදන තාක්ෂණය බව පිළිගන්නා බියර්, මෙම යෙදුම පවත්වාගෙන යාම පැය 24 පුරාම සිදුකළ යුතු වෙහෙසකර කාර්යයක් බවත්, ඒ නිසා තමන්ට දැන් විවේකයක් අවශ්‍ය බවත් පවසා තිබෙනවා. කෙසේ වෙතත්, ඔහුගේ ඉවත්වීම තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙනවා.

Discussion & Feedback