නයිජීරියාවේ ජනාධිපති බොලා ටිනුබුගේ කාර්යාලය තුළම කිසිදු අවසරයකින් තොරව ව්‍යාජ රජයේ ආයතනයක් පිහිටුවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ‘PFIPC’ නමින් හැඳින්වෙන මෙම ආයතනය විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ මුවාවෙන් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රජයේ අරමුදල් ලෙස ඇමරිකානු ඩොලර් 950,000ක් වෙන් කර ගැනීමට පවා උත්සාහ දරා තිබෙනවා. ජනාධිපතිවරයාගේ මාණ්ඩලික ප්‍රධානියාගේ අත්සන පවා ව්‍යාජ ලෙස යොදා ගනිමින් මෙම ආයතනය නීත්‍යානුකූල බව පෙන්වීමට සැකකරුවන් කටයුතු කර ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදේනියි අඩෙයෙමි මැතිව් නම් පුද්ගලයෙකු ඇතුළු පිරිසක් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. තමන් නිර්දෝෂී බවත්, රජයේ ඉහළ නිලධාරීන් අල්ලස් ඉල්ලා තමන්ව හිර කිරීමට උත්සාහ කරන බවත් සැකකරු පවසා තිබුණත්, ජනාධිපතිවරයා මේ වන විට දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇත්තේ ඉදිරි දින 30 ඇතුළත මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි. රජයේ ආයතනවල පවතින දුර්වලතා උපයෝගී කරගනිමින් මෙවැනි වංචාවක් සිදු වූයේ කෙසේද යන්න සහ ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගෙන තිබෙනවා.
මෙම සිදුවීම නයිජීරියාවේ දේශපාලන ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්ව ඇති අතර, රජයේ ආයතනවල ආරක්ෂාව සහ විශ්වසනීයත්වය පිළිබඳව දැඩි ප්‍රශ්න රැසක් මතු වී තිබෙනවා. ව්‍යාජ ලේඛන භාවිත කරමින් බැංකු ගිණුම් පවා විවෘත කිරීමට සැකකරුවන් උත්සාහ දරා ඇති බවත්, කෙසේ වෙතත් අදාළ මුදල් ගනුදෙනු සිදු වීමට පෙර මෙය හෙළිදරව් කර ගැනීමට හැකි වූ බවත් බලධාරීන් සඳහන් කරනවා.

Discussion & Feedback