දකුණු අප්‍රිකාවේ මෑතකදී ඇති වූ සංක්‍රමණික විරෝධී උද්ඝෝෂණ සහ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තම රටේ පුරවැසියන්ට අත්හැර දමා ඒමට සිදු වූ දේපළ සහ ව්‍යාපාර වෙනුවෙන් වන්දි ලබා ගැනීමට නයිජීරියානු රජය තීරණය කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් දහස් ගණනක් තම ජීවිත ආරක්ෂාව පතා මේ වන විටත් සිය මව් රට බලා පිටත්ව ගොස් ඇති අතර, තවත් පිරිසක් ආපසු පැමිණීමට බලා සිටිනවා. නයිජීරියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ, අත්හැර දමා ආ නිවාස, වාහන සහ ව්‍යාපාරික ස්ථාන පිළිබඳ නිවැරදි වාර්තා සකස් කරමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු රජය සමඟ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වන බවත්ය.
දකුණු අප්‍රිකාවේ වසර දහයකට ආසන්න කාලයක් රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඔගොඩෙරෝ එරෙජෝර් විල්සන් වැනි බොහෝ දෙනෙක් පවසන්නේ තමන්ට සියල්ල අහිමි වී ඇති බවයි. දකුණු අප්‍රිකානු බලධාරීන් පවසන්නේ පිටත්ව ගිය පිරිස නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටි අය බවයි. කෙසේ වෙතත්, නයිජීරියාව මෙම කරුණ ප්‍රතික්ෂේප කරන අතර, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ නොගෙන සාමකාමීව මෙම ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය දිනවල දකුණු අප්‍රිකාව පුරා පැවති විරෝධතා හේතුවෙන් අප්‍රිකානු රටවල් රැසක පුරවැසියන් 25,000ක් පමණ එරටින් පිටව ගොස් ඇති අතර, පොලිසිය විසින් පුද්ගලයින් 900ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Discussion & Feedback