ඉන්ස්ටග්‍රෑම් හරහා සුඛෝපභෝගී ජීවිතයක් ප්‍රදර්ශනය කරමින් ලක්ෂ හතකට අධික අනුගාමිකයන් පිරිසක් සිටින ‘KC Luxury’ ලෙස ප්‍රසිද්ධ නයිජීරියානු ජාතික ඇෆොලාබි කසීම් මයිකල්ව එරට මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මොහු බ්‍රිතාන්‍යය බලා යැවීමට සූදානම් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 28ක් වටිනා කොකේන් තොගයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙක් විදියටයි හඳුනාගෙන තියෙන්නේ. ලාගෝස් ගුවන්තොටුපළේදී ප්‍රංශය බලා යාමට සූදානම් වෙමින් සිටියදී මොහුව අත්අඩංගුවට ගත්තේ රටින් පැන යාමට උත්සාහ කරන අතරතුරයි.
මෙම ජාවාරම පිටුපස ලොකු ජාලයක් තියෙන බවත්, නයිජීරියාව හරහා යුරෝපයට සහ ආසියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ප්‍රධානියා මොහු බවත් බලධාරීන් පවසනවා. මොහු සතුව තිබී විදෙස් මුදල් සහ මිල අධික ආභරණ රැසක් සොයාගෙන තියෙනවා. මීට අමතරව, මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බ්‍රිතාන්‍යයේ සිටින ජාලයේ අනෙකුත් සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බව නයිජීරියානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානී බුබා මාර්වා ප්‍රකාශ කළා. මේ වන තෙක් මයිකල් හෝ අනෙක් සැකකරු තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා නැහැ.

Discussion & Feedback