ජනප්රිය නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් වන ‘බ්රිජර්ටන්’ (Bridgerton) හි පෙනෙලෝප් ලෙස රඟපාන නිකොලා කොෆ්ලන් මේ දිනවල රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඇය ඉදිරි බ්රිජර්ටන් කතා මාලාවේ කොටස් කිහිපයකට පමණක් සීමා වෙන්න තීරණය කරලා තියෙන්නේ ඇයගේ අලුත් වැඩකටයුතු නිසා. විශේෂයෙන්ම හුලු (Hulu) නාලිකාවේ ‘Only Murders in the Building’ කතා මාලාවේ හයවන සමය වෙනුවෙන් ඇය මේ දිනවල කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ නිසා බ්රිජර්ටන් කතා මාලාවේ ප්රධාන චරිතයකින් ඇය මදක් ඈත් වුණත්, තමන්ට අවශ්ය ඕනෑම වෙලාවක බ්රිජර්ටන් කණ්ඩායම සමඟ එකතු වෙන්න ඇය සූදානම් කියලා තමයි ඇය මාධ්ය හමුවේ පවසා තිබුණේ.
තමන් බ්රිජර්ටන් කතා මාලාවේ තුන්වන සමයේ ප්රධාන චරිතයක් විදිහට වැඩ කරපු කාලය හරිම අපූරු එකක් වුණා කියලා නිකොලා කියනවා. ඒ වගේම මේ වෙනස්කම තමන්ට දැනෙන්නේ හරිම සැහැල්ලු සහ මිහිරි අත්දැකීමක් විදිහටයි. බ්රිජර්ටන් කියන්නේ හැමදාමත් අලුත් වෙන, අලුත් කතා මවන්න පුළුවන් ලෝකයක් නිසා ඒ වගේ නිර්මාණයක කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන ඇය ගොඩක් සතුටු වෙනවා. ‘Only Murders in the Building’ වැඩකටයුතු අවසන් කරමින් ඇය සමාජ මාධ්ය ඔස්සේත් තමන්ගේ සතුට බෙදාගෙන තිබුණා. කොහොම වුණත්, බ්රිජර්ටන් රසිකයන්ට ඇයව තවදුරටත් කතා මාලාව තුළ දකින්න ලැබෙන එක නම් සතුටට කරුණක්.

Discussion & Feedback