ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින්, NIBM ආයතනය විසින් මෙරට ප්‍රථම වතාවට ‘Best Innovative Business Model Awards’ සම්මාන උළෙල හඳුන්වා දී තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අදහස් සහ බුද්ධිමය දේපළවලට ප්රමුඛස්ථානයක් ලබා දෙන ‘Brain Economy’ සංකල්පය පෙරදැරි කරගෙනයි ඔවුන් මේ පියවර ගෙන තියෙන්නේ. සාම්ප්‍රදායික සම්පත් මත පමණක් යැපෙන ආර්ථිකයකින් ඔබ්බට ගොස්, නව්‍ය අදහස් ව්‍යාපාර බවට පත් කරන දක්ෂ ව්‍යවසායකයන්ව දිරිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
NIBM ආයතනය මීට වසර කිහිපයකට පෙර සිටම කොළඹ, මහනුවර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් නවෝත්පාදන මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කළා. ඒ වගේම කෘෂිකාර්මික අංශය සඳහාම වෙන් වූ විශේෂ මධ්‍යස්ථානයක් සහ ආරම්භක ව්‍යාපාර (Startups) දිරිගන්වන ‘Neo Ventures’ වැනි වැඩසටහන් හරහා ඔවුන් දැනටමත් විශාල මෙහෙවරක් ඉටු කරනවා. මේ සම්මාන උළෙල හරහා බලාපොරොත්තු වෙන්නේ හුදෙක් ව්‍යාපාරිකයන් ඇගයීම පමණක් නොවෙයි, රටේ බුද්ධිමය ප්රාග්ධනය අගය කරන සංස්කෘතියක් ගොඩනැගීමයි.
මෙම සම්මාන උළෙල සඳහා සුදුසුකම් ලත් විශේෂඥ මණ්ඩලයක් සහ වෘත්තිකයන් කණ්ඩායමක් සම්බන්ධ වී සිටිනවා. පවතින ව්‍යාපාරික රටාවන් වෙනස් කරමින්, අලුත් මගක යමින් සාර්ථක ව්‍යාපාරික ආකෘති නිර්මාණය කළ පුද්ගලයන්ට සහ ආයතනවලට මෙහිදී ඇගයීම් හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් මෙවැනි නවෝත්පාදන දිරිමත් කිරීම අත්‍යවශ්‍ය බව NIBM ආයතනය පෙන්වා දෙනවා.

Discussion & Feedback