වෙනිසියුලාවට බලපෑ දරුණු භූමිකම්පා මාලාවකින් පසු ලා ගුයිරා නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි අලුත උපන් බිළිඳෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වෙලා තියෙනවා. මේ සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරාම වේගයෙන් පැතිර යනවා. එම දර්ශනවලින් දැකගන්න ලැබෙන්නේ සහන සේවකයින් ඉතා ප්‍රවේශමෙන් සුන්බුන් ඉවත් කර බිළිඳාව එළියට ගෙන පියෙකු යැයි සැක කෙරෙන පුද්ගලයෙකු අතට පත් කරන ආකාරයයි. වාසනාවකට මෙන්, ටික වේලාවකට පසුව බිළිඳාගේ මවද ජීවතුන් අතර සිටියදී සුන්බුන් අතරින් සොයා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වුණා.
මේ වන විටත් එම ප්‍රදේශයේ සහන කටයුතු ඉතා වේගයෙන් සිදුවෙමින් පවතිනවා. පිට පිට සිදුවූ මෙම භූමිකම්පා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 920කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 3,360කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටින තවත් පිරිස් සොයා සහන සේවකයින් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ස්වභාවික විපතකින් මෙවැනි ප්රාතිහාර්යයක් සිදුවීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback