ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඉහළ පෙළේ ඉංජිනේරු අධ්යක්ෂවරයෙක් වන ජොනතන් මැකින්සි අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරට බටහිර දෙසින් පිහිටි ඩබ්ලින් කියන ප්රදේශයේ වාහන නැවතුම්පොළකදී. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරන් ඉන්නේ මැකින්සිගේ බිරිඳගේ දෙමාපියන් වන 77 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ යුවළක්. ඔවුන් දෙදෙනාටම මේ වන විට පළමු පෙළ මිනීමැරුම් චෝදනා ඇතුළු බරපතළ චෝදනා කිහිපයක්ම එල්ල වෙලා තියෙනවා.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන විදිහට, වෙඩි තැබීමෙන් පස්සේ මේ වයෝවෘද්ධ යුවළ කිසිම කලබලයක් නැතුව ඉතා සන්සුන්ව ඒ ස්ථානයෙන් ඇවිදගෙන යනවා දැකලා තියෙනවා. පසුව ඒ අසලින් ගමන් කරපු පොලිස් නිලධාරියෙක් විසින් ඔවුන්ව වහාම අත්අඩංගුවට අරන් තියෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වෙලා නැති අතර, මේ යුවළ මේ වන විට සැන්ටා රීටා බන්ධනාගාරයේ රඳවා ඉන්නවා. බදාදා දිනයේදී ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නිව්යෝර්ක් ටයිම්ස් ආයතනයත් මේ කනගාටුදායක පුවත තහවුරු කරලා තියෙනවා.

Discussion & Feedback