ඇමරිකාවේ ජනප්රියම පැසිපන්දු ක්රීඩකයෙක් වන නිව්යෝර්ක් නික්ස් කණ්ඩායමේ ජේලන් බ්රන්සන්, ලබන නොවැම්බර් මාසයේ විකාශය වීමට නියමිත ‘Law & Order: SVU’ අපරාධ කතාමාලාවේ 28 වැනි වාරයේ විශේෂ චරිතයකින් දකින්න ලැබෙනවා. මේ කතාමාලාවේ පස්වැනි කොටසින් ඔහු රංගනයෙන් දායක වන අතර, ඔහු රඟපාන චරිතය පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් අනාවරණය කරලා නැහැ. බ්රන්සන් මේ කතාමාලාවේ ප්රධාන නිළිය වන මරිස්කා හාර්ගිටේ සමඟ මීට පෙරත් විවිධ වැඩසටහන්වලදී එකට වැඩ කරලා තියෙනවා. ඒ නිසා මේ දෙන්නාගේ රංගනය රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි.
මේ අතර, බ්රන්සන් සැප්තැම්බර් 26 වැනිදා විකාශය වන ‘Saturday Night Live’ වැඩසටහනේ 52 වැනි වාරයේ ආරම්භක වැඩසටහන මෙහෙයවීමටත් සූදානම් වෙනවා. ඒ වගේම ඔක්තෝබර් 20 වැනිදා ආරම්භ වන NBA තරගාවලියේදී ලෙබ්රොන් ජේම්ස්ගේ පිල සමඟ තරග වැදීමටත් ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නවා. ක්රීඩා පිටියේ දක්ෂතා අතරේ රංගන ක්ෂේත්රයටත් පිවිසෙන බ්රන්සන්ගේ මේ නව ගමන ගැන ඔහුගේ රසිකයන් ලොකු උනන්දුවකින් බලාගෙන ඉන්නවා. ‘Law & Order: SVU’ කතාමාලාවේ 28 වැනි වාරය ඔක්තෝබර් 8 වැනිදා සිට NBC නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.

Discussion & Feedback