ලෝකයේ තාක්ෂණික රැකියා ක්ෂේත්රයේ මෙතෙක් කල් අංක එකේ තිබුණු සැන් ෆ්රැන්සිස්කෝ බේ ඒරියා නගරය අභිබවා යමින්, නිව්යෝර්ක් නගරය මේ වන විට ප්රථම ස්ථානයට පත්වෙලා තියෙනවා. CBRE ආයතනය විසින් සිදුකරපු වාර්ෂික සමීක්ෂණයකට අනුව, නිව්යෝර්ක් නගරයේ මේ වන විට තාක්ෂණික රැකියා ලක්ෂ හතරකට ආසන්න ප්රමාණයක් තියෙනවා. පසුගිය වසර දහතුනක කාලය තුළ මේ වගේ වෙනසක් සිද්ධ වුණේ පළමු වතාවටයි. සිලිකන් වැලි සහ සැන් ෆ්රැන්සිස්කෝ ආශ්රිතව සිද්ධ වුණු විශාල රැකියා කප්පාදුව සහ නිව්යෝර්ක් නගරයේ මූල්ය සහ කෘත්රිම බුද්ධි (AI) අංශවල සිද්ධ වුණු වර්ධනය මේ වෙනසට ප්රධාන හේතුවක් වෙලා තියෙනවා.
මේ දිනවල AI තාක්ෂණය දියුණු වීමත් එක්ක ඒ ආශ්රිත රැකියා අවස්ථා විශාල වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම AI සමාගම් බොහෝමයක් සේවකයන් කාර්යාලයටම ඇවිත් වැඩ කරනවා දකින්න කැමති නිසා, නිව්යෝර්ක් වගේ නගරවලට මේක ලොකු වාසියක් වෙලා තියෙනවා. කොවිඩ් කාලයෙන් පස්සේ කාර්යාලවලට සේවකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් නිව්යෝර්ක් නගරය ක්රියාත්මක කළා. ඒ වගේම, ලෝකයේ ප්රධාන පෙළේ තාක්ෂණික සමාගම් රැකියා කප්පාදු කළත්, සමස්තයක් විදිහට ගත්තම පසුගිය වසරේ තාක්ෂණික රැකියා ක්ෂේත්රය 1.8%කින් වර්ධනය වෙලා තියෙනවා. මේ වර්ධනයට ප්රධානම හේතුව වෙලා තියෙන්නේ කෘත්රිම බුද්ධි අංශයේ සිද්ධ වුණු 45%ක දැවැන්ත වර්ධනයයි.

Discussion & Feedback