පසුගිය වසර සියයක කාලය තුළ විද්‍යාඥයන් විසින් අලුතින්ම සොයාගත් වන බළල් විශේෂයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ‘ලියෝපාර්ඩස් ටිල්කායෝ’ (Leopardus tilcayo) ලෙස නම් කර ඇති මෙම සත්ත්වයා බොලිවියාවේ ඇන්ඩීස් කඳුකරය සහ ඇමසන් වනාන්තරය හමුවන ‘යුංගාස්’ නම් වලාකුළු වනාන්තර ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. සාමාන්‍ය ගෙවල් බළලෙකුටත් වඩා කුඩා සිරුරකින් සහ ලප සහිත ලොම්වලින් යුත් මෙම සත්ත්වයා, වසර මිලියන 1.4කට පෙර අනෙකුත් බළල් විශේෂවලින් පරිණාමය වී ඇති බව ජාන පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා.
මෙම සත්ත්වයා මුලින්ම හමුවී ඇත්තේ ලා පාස් නගරය ආසන්නයේ පිහිටි වනජීවී රැකවරණ මධ්‍යස්ථානයකටයි. ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙය ගෙදර බළල් පැටියෙකු යැයි සිතා රැගෙන ආවත්, පසුව එහි වෙනස්කම් නිරීක්ෂණය කළ පර්යේෂකයන් ජාන පරීක්ෂණ සිදු කිරීමෙන් පසුවයි මෙය මෙතෙක් ලෝකයට නොදන්නා නව විශේෂයක් බව හෙළි කරගෙන තියෙන්නේ. විශේෂත්වය වන්නේ, දේශීය ජනතාව පරම්පරා ගණනාවක සිට මෙම සත්ත්වයා ‘ටිල්කායෝ’ යන නමින් හඳුනාගෙන තිබීමයි. විද්‍යාඥයන් පවසන්නේ මෙම සත්ත්වයාගේ වාසස්ථාන වේගයෙන් විනාශ වී යන බැවින්, ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි.
මෙවැනි විශාල ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් අලුතින් සොයා ගැනීම ඉතා දුර්ලභ සිදුවීමක්. කෙසේ වෙතත්, මෙම සත්ත්ව ගහනය කොපමණද යන්න තවමත් පැහැදිලි නැති නිසා, ඉදිරියේදී තවත් පර්යේෂණ සිදු කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback