අමෙරිකානු සාම හමුදාවේ (Peace Corps) අලුත්ම ස්වේච්ඡා සේවකයන් 34 දෙනෙක් මේ දිනවල ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නවා. ඉදිරි වසර දෙකක කාලයක් අපේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරන්න තමයි මේ පිරිස බලාපොරොත්තු වෙන්නේ. ලංකාවට ආවට පස්සේ මේ අයට සිංහල හෝ දෙමළ භාෂාව, අපේ රටේ සංස්කෘතිය සහ ඉංග්‍රීසි උගන්වන ක්‍රමවේද ගැන විශේෂ පුහුණුවක් ලැබෙනවා. නොවැම්බර් මාසයේදී ඔවුන් නිල වශයෙන් දිවුරුම් දීලා තමයි තමන්ගේ සේවය ආරම්භ කරන්නේ.
මේ ස්වේච්ඡා සේවකයන් උතුරු සහ උතුරු මැද පළාත්වල පාසල්වල ඉන්න ගුරුවරුන් සහ සිසුන් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි කරන්න වැඩ කරනවා. විශේෂම දේ තමයි ඔවුන් මේ කාලය පුරාම ලාංකික පවුල්වල නවාතැන් ගනිමින් අපේ සමාජය එක්ක සමීපව කටයුතු කිරීම. මේ ගැන අදහස් දක්වපු ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මේයර් මහතා කිව්වේ, රටවල් දෙක අතර තියෙන බැඳීම ශක්තිමත් වෙන්නේ මෙවැනි පුද්ගලයන් අතර සිදුවන හුවමාරු හරහා බවයි.
ශ්‍රී ලංකාව සහ අමෙරිකානු සාම හමුදාව අතර තියෙන සම්බන්ධය 1962 තරම් ඈත අතීතයකට දිව යනවා. එදා ඉඳන් අද වෙනකම් අමෙරිකානු ස්වේච්ඡා සේවකයන් 500කට වැඩි පිරිසක් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ සුනාමි සහන කටයුතු වගේ ක්ෂේත්‍ර ගණනාවක අපේ රට වෙනුවෙන් සේවය කරලා තියෙනවා. 2018 වසරේදී නැවතත් ආරම්භ වුණු මේ වැඩසටහන හරහා අපේ රටේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ නංවන්න ලොකු සහයෝගයක් ලැබෙනවා.

Discussion & Feedback