නාසා ආයතනයේ සයිකි (Psyche) අභ්යවකාශ යානය අඟහරු ග්රහයා අසලින් ගමන් කරන අපූරු දර්ශන පෙළක් සහිත වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. මේ ගමනේදී අඟහරුගේ ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගෙන සයිකි යානයට පැයට සැතපුම් 1000ක පමණ වේගයක් ලබාගන්න පුළුවන් වුණා. මේක යානය 2029 වසරේදී සයිකි නම් ලෝහමය ග්රහකයට ළඟා වීමට නියමිත ගමනට ලොකු පිටුවහලක් වෙනවා. අඟහරුගේ මතුපිට තිබෙන ආවාට සහ දක්ෂිණ ධ්රැවයේ අයිස් තට්ටු පවා ඉතා පැහැදිලිව මේ වීඩියෝවේ දකින්න ලැබෙනවා.
මේ ගමන නිකම්ම නිකම් ගමනක් නෙවෙයි. යානයේ තිබෙන විද්යාත්මක උපකරණ සියල්ලම නිවැරදිව ක්රියාත්මක වෙනවාද කියලා පරීක්ෂා කරගන්නත් විද්යාඥයන්ට මේක හොඳ අවස්ථාවක් වුණා. විශේෂයෙන්ම යානයේ තිබෙන කැමරා සහ චුම්භකමානයන් ඉතා සාර්ථකව අඟහරුගේ දත්ත ලබාගෙන තියෙනවා. අඟහරුගේ කුඩා චන්ද්රයන් වන ෆෝබෝස් සහ ඩීමෝස් පවා හඳුනාගන්න යානය සමත් වුණා. මේ දේවල් හරහා අනාගතයේදී ග්රහකයේ තිබිය හැකි කුඩා චන්ද්රයන් සොයාගැනීමටත් ඔවුන්ට පුහුණුවක් ලැබෙනවා. දැනට යානය ඉතා හොඳ තත්ත්වයෙන් තියෙන නිසා 2029 දී නියමිත ඉලක්කය සපුරාගන්න පුළුවන් වෙයි කියලා නාසා ආයතනය විශ්වාසයෙන් ඉන්නවා.

Discussion & Feedback